Gmail Yahoo කස්ටියට අපූරු වැඩ කෑලි ටිකක් ( අනික් කට්ටියටත් නැතුවම නෙවෙයි )

Sunday, May 31, 2009
මෙම ලිපිය මාගේ සිංහල බ්ලොග් අඩවියේ පලවූ ලිපියකි. කොම්පුටරේ අඩවියෙන් ඉල්ලීමක් ලැබුනු නිසා එම ලිපිය ඒ ආකාරයෙන්ම මෙහි පල කරමි



වචනවලට වඩා රූප බලවත් කියල කියනවනේ. ඔන්න එහෙනම් වැඩ කෑලි ටික රූප වලින්.










මෙන්න ඇතුල් වෙන තැන. පේනවද ගූග්ල් සහ යාහූ ලාංචන දෙක? ඒ කියන්නේ දැනට අපේ තියන ගූග්ල් / යාහූ ගිනුම් වලින් මේ සේවා හැම එකකටම දායකත්වය ලබාගන්න පුලුවන්.





Zoho Mail කියන්නේ සාමාන්‍ය ඊ- මේල් සේවාවක්.බැලූ බැල්මට යාහූ වගේ. එත් එකට වඩා ගොඩක් පහසුකම් තියනවා. මම ආසම එක තමා Google Gears පාවිච්චි කරල Offline වැඩ කරන්න තියන හැකියාව.

ඒ වගේම වෙනත් ඊ-මේල් ලිපිනයකින් ඊ-මේල් යවන්න තියන හැකියාව. උදාහරනයක් විදියට මට පුලුවන් වල ඉදල මගේ ජි-මේල් ලිපිනයෙන් යැව්ව වගේ පේන්න ඊ මේල් යවන්න.තව එන ඊ-මේල් ඔක්කොම වෙනත් ලිපිනයකට පහසුවෙන් forward කරගන්න පුලුවන්.තවත් අපූරු දෙයක් තමා අපි Google හෝ yahoo පාවිච්චි කරවා නම් අපිට ඉබේම තවත් ඊ මේල් ලිපිනයක් ලැබීම.

කතාව මේකයි. අපි Google/ Yahoo ගිනුමකින් Zoho සේවයට ඇතුල් උනොත් අපි Zoho ඇතුලෙදි පාවිච්චි කරන්නේ අපේ Google/Yahoo ගිනුමේ නම. ඉතින් අපි abcdef@gmail.com ලිපිනය පාවිච්චි කරලා Zoho වලට ඇතුල් උනොත් අපිට ඉබේම ඊ-මේල් ලිපිනයක් ලැබෙනව abcdef@zoho.com කියලා.





Zoho Writer ජාලය හරහා අපිට Word processing කරන්න පහසුකම් ලබාදෙන සේවාවක්.Zoho ගැන දැනගන්න කලින් මම පාවිච්චි කලේ Google documents.එත් දැන් නම් තමා Zoho Writer .හේතුව තමා මේකේ තියන පහසුකම්.Office 2007 වල වගේ Ribbon එකක් ඇතුලත් කරල තියනවා. හොද වේගයක් තියන ජාල සබදතාවයක් තියනවා නම් Office/Open office වල වැඩ කරනවා වගේම තමා. බ්ලොග් ලියන අයට Zoho Writer පාවිච්චි කරල ලියලා කෙලින්ම ඒක බ්ලොග් එකට එවන්න පුලුවන් හැකියාවක් තියනවා. තියන පහසුකම් ඔක්කොම ගැන කියන්න ගියෝතින් ලියන්න ඉඩ මදිවෙයි. ගිහින්ම බලන්න. පොඩි අව්ලක් තියනවා හැබැයි.මට තේරුන විදියට මේක Google documents වඩා ගොඩක් වෙලා ගන්නව load වෙන්න




Zoho Sheet/ Zoho Show කියන්නේ Excel/ power point වලට සමාන සේවා දෙකක්





Zoho Docs වලින් අපිට අපේ හැම ඔන්ලයින් ලිපි ගොනුවක් ගැනම විස්තර බලාගන්න පුලුවන්. ඒ වගේම එව ඊ-මේල් කරන්න, අපේ පරිගනකයේ තියෙන ලිපිගොනු Zoho වලට upload කරන්න වගේ වැඩ පහසුවෙන් කරගන්න උදව්වක්. අපේ ලිපිගොනු පිලිබද සාරාංශයක් විදියටත් මේක හදුන්වන්න පුලුවන්

Zoho chat ඉතින් චැට් කාරයොන්ටම තමයි.දැනට යන Yahoo, Google, Jabber, MSN, AIM ,ICQ සේවා සදහා Zoho chat හරහා log වෙන්න පුලුවන්. ඉදිරියේදි තව සේවා අනිවාර්යෙන්ම මේකට එකතු වේවි.

ඒ වගේම ගිනුමක් නැති කෙනෙක් එක්ක වුනත් චැට් කරන්න පහසු විදියක් හදුන් වල දීලා තියනවා. අපිට චැට් කරන්න අවශය පුද්ගලයාට ඊ-මේල් එකක් යවන්න පුලුවන් චැට් එකකට එන්න කියලා. ඊ- මේලයේ තිබෙන සබැදියක් මගින් එම පුද්ගලයාට ඔබ සමග සංවාදයක් ඇරඹිය හැකියි.

චැට් කරනවාට අමතරව තමන්ගේ වෙබ් අඩවියට කෑ ගහන පෙට්ටියක් (shout box )එකතු කරගන්න සහ වෙබ් අඩවියට එන අයට ඔබ සමග සජීවි සංවාදයේ යෙදෙන්න පුලුවන් විදියේ gadget එකකුත් Zoho Chat වෙතින් ලබාගන්න පුලුවන්.කරන්න තියෙන්නේ අපිට ගැලපෙන විදියට ඒව වෙනස් කරගෙන වෙබ් අඩ්වියට එකතු කරගන්න විතරයි



Zoho NoteBook තවත් වැදගත් සේවාවක්. තේරෙන භාශාවෙන් කිව්වොත් නිකන් scrap book වගේ. හිතන්න අපිට වාර්තාවක් ලියන්න තියනවා කියලා ජාවා ගැන. අපි ඒ ගැන තොරතුරු පත්තර, පොත්, වෙබ් අඩවි වලින් වගේ දෙවල් වලින් අරගෙන එක තැනකට එකතු කර ගන්නවා නෙද? අන්න ඒ වගේ වැඩක් තමා ZohoNotebook වල වෙන්නේ.
මේ බලන්න රූප, ශබ්ද, වීඩියෝ ඕනෑ එකක් එකතු කරගන්න පුලුවන්


අපොයි මේ පොස්ට් එක දැන් ගොඩාක් දිග වෙලා. අදට ඔය ඇති.

තව සේවා තියනවා මම කැමති. විස්තර ලියන්න වෙලා නැති නිසා නම් විතරක් දාන්නම්. ගිහින් බලන්න.

Zoho Share යාලුවොත් එක්ක කැමති දේවල් බෙදා හදා ගන්න
Zoho Planner අමතක වෙන දේවල් ලියල තියාගන්න
Zopo Wiki විකියක් හදන්න
Zoho Polls ඡන්ද තියන්න
Site 24 X 7 වෙබ් අඩවියට යන එන අය ගැන හොයන්න



ඔන්න අන්තිමට හොදම ආරංචිය මූණු පොතෙ ඉදල zoho mail බලන්න පුලුවන්. ඊ- මේල් විතරක්
නෙවෙයි calender, tasks, documents වගේ සේවාවනුත් මූණු පොතේ ඉදලා ලබාගන්න පුලුවන්.ඒ Zoho Widgets නිසා . මූණු පොත ගැන මුලින්ම කිව්වෙ ගොඩක් අය ඒක පාවිච්චි කරන නිසා. මූණු පොතට අමතරව iGoogle, Orkut වලටත් Open Social සහය දක්වන ඕනැම තැනකදිත් Widgets හරහා Zoho භවිතා කරන්න පුලුවන්. ඒ ගැන දැන ගන්න මෙතන කොටන්න



වින්ඩෝස් වලට සිංහලෙන් පරිශීලක නම යොදමු.

Friday, May 15, 2009
පරිගණකයේ පරිශීලක නාමය වින්ඩෝස්හි සාමාන්‍යයෙන් යොදන්නේ ඉංග්‍රීසියෙනි.සිංහල බ්ලොග් කරුවන් වන අපි ඉතිං අපි සිංහලෙන්ම නම යොදමු.

අවශ්‍ය දේවල්,

  • සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය කර තිබීම‍
නැතහොත්

  • සිංහල යුනිකේත Font සහිත පරිගණකයක් වීම.

මෙහෙමයි කරන්නේ.

  • Control Panel--->User Accounts
  • සිංහලෙන් නම යෙදීම‍ට අවශ්‍ය පරිශීලක නාමය තෝරන්න.
  • දැන් Change my Name තෝරන්න.
  • නව පරිශීල නාමය ලෙස සිංහලෙන් නම ඇතුලත් කරන්න. මෙහිදී යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණකයක් නම් සිංහලෙන්ම යතුරුලියනය සිදුකල හැක. නැතහොත් අන්තර්ජාල යතුරුපුවරුව හෝ එසැනින් පරිවර්තක වලින් යු‍නිකේත බවට පරිවර්තනය කරන පරිවරතකයක් භාවිතයෙන් කොපි කිරීම සිදුකරන්න.
*යුනිකේත ස්ථාපනය කර නොමැති පරිගණකයක් නම් අකුරු වෙනස් වී දිස්විය හැක.

මේ තියෙන්නේ අවසන දිස්වන ආකාරයයි.



--
ගයාන් තාරක


Ubuntu - අනාරක්ෂිත තැනක්!!!

මුල් කාලයේ Ubuntu සංස්කරණ වල දී Recovery Mode මගින් පරිගණකය ක්‍රියාරම්භ කළ විට Ubuntu මගින් පරිශීලකයාව රැගෙන යන්නේ root shell වෙතටයි. root පරිශීලකට මුරපදයක් යොදා තිබුණොත් එහිදී root ට අදාළ මුරපදය පරිශීලකගෙන් විමසනවා.

නමුත්, නූතන Ubuntu සංස්කරණ වලදීත් (මගේ මතකයේ හැටියට Gusty Gibbon සිට මේ දක්වා) මෙසේ Recovery Mode භාවිතයෙන් ක්‍රියාරම්භ කළ විට පරිශීලකට root shell වෙත යාමට හැකියි. නමුත් නූතන සංස්කරණ වල මෙම ක්‍රියාවේදී root හි මුරපදය විමසීමක් සිදු වන්නේ නැහැ.

මෙසේ කරන්නට ඇත්තේ සමහර විට පරිශීලකගේ පහසුව තකා වෙන්න‍ට පුළුවනි. එහෙත්, මට හැඟෙන විධියට මෙය Ubuntu වල ලොකු අනාරක්ෂිත තැනක්. ඒ root විධියට පරිගණකයට පිවිසෙන්නාට පරිගණකය තුළ ලොකු බලයක් ලැබෙන නිසා යි.

මෙම ආරක්ෂක සිදුර වසා දැමීමට මම අනුගමනය කළේ පහත දැක්වෙන ක්‍රමයයි.

1. BIOS වෙත ගොස්, පරිගණකය ක්‍රියාරම්භ වීමේදී ක්‍රියාරම්භ මාධ්‍යය (boot medium) තෝරා ගත හැකි පහසුකම අවලංගු කරන්න.

2. BIOS වෙත supervisor password එකක් යොදන්න. වෙනත් කෙනෙකු සංගත තැටියක් භාවිත කර අනවස‍රයෙන් ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට ඇති ඉඩ මින් වැළකෙයි.

3. root ලෙස පරිගණකයට පිවිසී root ට මුරපදයක් යොදන්න.

# passwd root

4. /boot/grub/menu.lst ගොනුව පහත දැක්වෙන පරිදි සංස්කරණය කරන්න.

# vim /boot/grub/menu.lst

දැන් එම ගොනුවේ පහත දක්වා ඇති යොමුව සොයාගෙන එම යොමුවට අදාළ සෑම පේළියකම මුල # ලකුණ යතුරුලියනය කරන්න.

#title Ubuntu, kernel 2.6.xx-xx-generic (recovery mode)
#root (hdx,x)
#kernel /boot/vmlinuz-2.6.xx-xx-generic root=/dev/sdxx ro single
#initrd /boot/initrd.img-2.6.xx-xx-generic
#boot

දැන් එක් වරක් Esc යතුර ඔබා :wq යතුරුලියනය කිරීම මගින් vim ගොනු සංස්කරණ යෙදුමෙන් ඉවත් වෙන්න.

දැන් Recovery Mode විකල්පය ක්‍රියාරම්භ මෙනුවෙන් ඉවත් වී ඇති. ඔබේ පරිගණකයට කිසිවෙක් අනවසරයෙන් පිවිසීමට ඇති එක් මඟක් මෙයින් ඇහිරී යයි.

මීට වඩා හොඳ ක්‍රමයක් දන්නවනම් ප්‍රතිචාරයක් තබා යන්නට
පාඨක ඔබට පුළුවනි. :)

---
~ ශාකුන්තල

වින්ඩොස් විස්ටා හා 7 සදහා Hibernate සක්‍රීය ගැන්වීම

Saturday, May 9, 2009
ගයාන් තාරක විසින් වින්ඩෝස් එකස් පී මෙහෙයුම් පද්ධතිය සදහා Hibernate සක්‍රිය කල හැකි ක්‍රමයක් හදුන්වා දීලා තිබුණා. නමුත් ඒ ක්‍රමය වින්ඩොස් විස්ටා හා අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 7 එකට වලංගු නොවෙයි. ඒවා ක්‍රියාත්මක කරවන අයුරැද වෙනස් වෙයි. ඒ මෙහෙයුම් පද්ධති වල තිබෙන විශේෂාංශ හා අනුකුල නොවීම ඊට හේතුවයි.
වින්ඩොස් විස්ටා සදහා:
විස්ටාහි මේ ක්‍රමය අක්‍රිය වීමට හේතු වන්නේ Disk Cleanup හිදි Hibernation File Cleaner තුලින් ඒ දන්ත මකා ඇති නිසා හෝ Hybird Sleep සක්‍රිය කර තිබිම හෝ Hibernate කල මොහොතක පණ ගැන්වීමේදි සිදු වු දෝෂයක් නිසා අක්‍රියාත්මක (disabled) කර තිබිය හැකියි. (ඇතැම් පරිගණක වල මේ Hibernate වලට අනුකුල නොදක්වන්න පුලුවන් එයත් හේතුවක්.)

෴ක්‍රමය 01.෴
විස්ටා තුල මෙය විසදීම සදහා පහසු මගක් තිබෙනවා, මාදුකාශයක් වැන්නක් බාගත කිරිමෙන් කළ හැකියි. එය මෙතැනින් භාගත කරන්න: http://go.microsoft.com/?linkid=9645383


෴ක්‍රමය 02.෴

මෙවැන්නක් තමා විසින්ම කරන්න කැමති අයට ක්‍රමයක් තියෙනවා. මේකම වින්ඩෝස් 7 වලට කරන්න පුලුවන්.
VistaStartButton.jpg මේනුව හෙවත් ස්ටාර් මේනුවට ගිහින් All Programsහි Accessories තෝරා Command Prompt යන්න දකුණු මුසික බොත්තම ඔබා* Run as Administratior යන්න තෝරන්න. (ඇතැම් විට ඔබට මුර පදය දීමට හෝ විධානය දෙන්න වෙවි.
ECPvista.jpg
එවිට ඔබට දකින්නට ලැබෙන්නේ මෙයයි:
Elevated_Command_Prompt.jpg
මෙසේ Elevated Command Prompt එකේ (Run as Administratior යන්නෙන් දුවන Command Prompt එක) වෙනස නම් සාමන්‍ය විදිහට දුවන විට ඒ පරිශලිකයාගේ දන්ත පමණයි වෙනස් කරන්න පුලුවන්. එතකොට මා රවුම් කර ඇති ස්ථානයේ දැක්වෙන්නේ C:/Users/ (පරිශලිකයාගේ නාමය) ලෙසටයි. Elevated Command Promptහිදි දැක්වෙන්නේ C:\Windows\System 32 ලෙසටයි.

දැන් එහි
powercfg -h on යන විධානය ලබා දී Enter විධානය ලබා දෙන්න. ( powercfg -h off ලෙස මේ විදියටම කර අක්‍රිය කරන්න පුලුවන්.) දැන් Hibernate විශේෂාංශය ක්‍රියාත්මකයි!
(ඇතැම් පරිගණක වල ගැටලු ආ අවස්ථා තියෙනවා. ඔබටත් එසේ වුවේ නම් දන්වන්න. සතියක් තුල විසදුම් දෙන්නම්.)
වින්ඩෝස් 7 සදහා:
වින්ඩෝස් විස්ටා වලට දුන් දෙවැනි ක්‍රමය තුලිනුත් කරන්න පුලුවන්. නැත්නම් මේ අයුරටත් කල හැකියි:
(රෑපය මත ඔබා විශාලනය කරන්න)
Control Panel එකෙහි Hardware and Soundහි එන Power Options යටතේ තිබෙන Change power-saving settingsට යන්න. එහි ඇති change plan settings ලින්ක් එක තෝරන්න. එහි එන change advanced power settings මගින් එන වින්ඩෝවේ sleep දිග හැරැම තුලින් settings(minutes) වල දන්තය අවම අගයක්ට ගෙන never දක්වාම ගෙනියන්න. ඉන්පසු OK ඔබන්න. (ඔබට නිසි ලෙස ප්‍රවේශමයෙන් වෙනත් දන්ත වෙනස් කරන්නත් පුලුවන්. නමුත් එහිදි වෙනත් ගැටලුවලට මුහුණපාන්නත් පුලුවන්. ඒ නිසයි වින්ඩෝස් 7වල මේ ලෙස සැකසුම් සරල කරලා තියෙන්නේ (power options හා change plan settings වගේ).
setting.png

*දකුණු මුසික බොත්තම ඔබා = right click විධානයට මීට වඩා සිංහලෙන් කියන්න හොද විදිහක් තියෙනවාදෝ?

Power බටනයට Shut down විධානය

Friday, May 8, 2009



අපි පරිගණකයේ Power බටනය භාවිතා කරන්නේ පරිගණකය ආරම්භයට පමණයි. මේ කියන්න යන්නේ එම බටනයම Shutdown විධානය දීමට සූදානම් කරන ආකාරය ගැනයි.(හරියට ටීවි එක දාන්න නිවන්න වගේ.)




මුලින්ම Control Panelහි Power Options විවෘත කරගන්න
ImageHost.org

දැන එහි Advanced ටැබය වෙත ගොස් එහි Power Buttons යටතේ ඇති When I press power button on my computer හි Shutdown තෝරාගන්න.
ImageHost.org

දැන් "OK" බටනය ක්ලික් කරන්න.




ඉහත පියවර නිවැරදිව අනුගමනය කලේ නම් ඔබේ පරිගණකය දැන් Power බටනය මගින් ShutDown වීමට සූදානම්.


ඉතින් මින් පසු පරිගණකය වසා දමන විට Power බටනය සහයට ගත හැකියි.




Shutdown වෙනුවට Hibernate වුවද යොදාගත හැකියි.




Hibernate සක්‍රිය නැත්නම් මෙතනින් සක්‍රිය කරන විදිය මෙතනින් බලන්න.




----


ගයාන් තාරක

තවත් Simple Plan එකක් Firefox සමග

Thursday, May 7, 2009
පහුගිය දවසක ෆ්යිල් ගොඩක් කොපි කරන්න යනකොට අත පසු වීමකින් දැන ගන්න ලැබුන පොඩි දෙයක් ගැන ඔයාලටත් කිව්වොත් හොදයි කියල හිතුනා. Windows Explorer විවුර්ත කරගෙන ඉන්න ගමන් එකේ Address Bar එකෙ තියන චූටි පොතක් වගෙ Folder Icon එක උඩ ක්ලික් වෙලා එක ඩ්‍රැග් වුනා Firefox Browser ටැබ් එකකට


එක පාරටම මගෙ ෆයර් ෆොක්ස් ටැබ් එක මෙන්න මෙ විදියට පේන්න ගත්තා



Firefox තුල File Index එකක්!

පරිගනකයේ ඕනෑම ගොනුවක් බලාගන්න, (සගවා ඇති ගොනු හා බැලීමට අවසර නැති ගොනු හැර )ඒ වගේම .ඡායාරූප,සින්දු වගේ දෙවල් ලෙසියෙන්ම විවුර්ත කරගන්නත් පුලුවන්. කරන්න තියෙන්නේ ගොනුව තියන තැනට ගිහින් ගොනුව මත ක්ලික් කරන එක විතරයි. ගිනි හිවලා එතකොට අහාවි මොනවද කරන්න ඔනේ කියලා.හැබැයි ඒක කරන්න පුලුවන් අදාල ප්ලග් ඉන් තිබුනොත් විතරයි.ප්ලගින ගැන දන්නෙ නැත්තම් මේක
බලන්න


වින්ඩෝස් එක්ස්ප්ලෝරා වගේ හාඩ් ඩිස්ක් එක මාරු කරන්න තියෙන්නෙ එයට අදාල අකුර Address Bar එකේ යතුරු ලියනය කරල Enter කරන එක විතරයි.(උදා C:)

තවත් දෙයක්, අමතක කරන්න එපා ගිනි හිවලා(Firefox) අපිට පොත් සලකුණු (Bookmarks) දාන්න පහසුකම් සලස්වල තියන බව. දැන් ඉතින් පරිගනකයේ නිතරම යන එන තැන් වලට පොත් සලකුණු (Bookmarks)දාන්න පුලුවන්.එවා වැඩ කරන්නෙත් සාමාන්‍ය අන්තර්ජාල සලකුණු වගේමයි!

මේ ගැන තව විස්තර දැන ගන්න මෙතන කොටන්න


කොම්පුටරේ පලවෙන මගෙ පලවෙනි ලිපිය තමා මේක.ඒක නිසා අඩු පාඩු ගොඩාක් ඇති. ඒ දේවල් ගැන සමාව ඉල්ලන ගමන්ම බින්කු සහෝදරයට ස්තුතියි කියන්නත් කැමතියි කොම්පුටරේට මාවත් එකතු කර ගත්තට.මම ගැන කියනවනම් දැනට ඉන්නේ නුවර.පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ පලවෙනි වසර ශිෂ්‍යාවක්.


--deeps--

Ubuntu මත Adobe Air ස්ථාපනය කරගන්නා ආකාරය

Saturday, May 2, 2009
Air (Adobe Integrated Runtime) ගැන අහලා ඇතිනේ. එය Adobe සමාගම විසින් නිපදවපු application runtime එකක්. ඒ කියන්නේ ඇතැම් application තියෙනවා, ඒවා run වීමට නම් Adobe Air අවශ්‍යයි. මෙහි විශේෂ වාසිය තමා Java මෙන්ම platform independent වීම. එකම air application එක වින්ඩෝස් මත හෝ ලිනක්ස් මත හෝ මැක් මත භාවිත කරන්න පුලුවන් Air runtime එක තියෙනවානම්. (Air ගැන වැඩිදුර දැනගන්න මෙතනින්)

මේ කියන්න යන්නේ උබුන්ටු මත air ස්ථාපනය කරන ආකාරයයි. මොකද Adobe සමාගමෙන් .deb පැකේජයක් ලබා දෙන්නේ නෑ.

1. මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න
http://airdownload.adobe.com/air/lin/download/1.5/AdobeAIRInstaller.bin

2. Terminal එකක් ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් වූ ෆයිල් එක ඇති ස්ථානයට යන්න

3. පිලිවෙලින් මෙම command 2 දෙන්න
chmod +x AdobeAIRInstaller.bin
sudo ./AdobeAIRInstaller.bin

දැන් වින්ඩෝස් වල පුරුදු ආකාරයේ setup installer එකක් ලැබේවි. එමගින් පහසුවෙන්ම air ස්ථාපනය කරගත හැකියි.

දැන් ඔබට යම් air application එකක් (.air file) ලැබුණ විට එය ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගත හැකියි.


----
ප්‍රවීන් ඉන්ද්‍රනාම