සයවැනි උපන්දිනය සමරන වෙස් පොතේ අළුත් වින්‍යාසය.

Friday, February 5, 2010

Mark Zuckerberg, Chris Hughes, Dustin Moskovitz, හා Eduardo Saverin යන සිව් දෙනාගෙන් ආරම්භ වුණ වෙස් පොතේ හය වෙනි උපන් දිනය පැවැත් වුණේ ඇමෙරිකානු දින දර්ශනයෙන් පෙබරවාරි 4 වෙනිදාට වන අතර එදාට වෙස් පොත විසින් අළුත් වෙනස්කම් රුසක් ඉදිරිපත් කෙරෙන්නට යෙදිණි. නමුත් මෙම වෙනස්කම් යනු හුදෙක් එහි වින්‍යාසය වෙනස් කිරිමක් ලෙස සැලකුවොත් වඩාත් නිවැරදියි. මෙම ලිපිය ලියන වේලාව තුළ එම විශේෂාංගයන් පොදුවේ සෑම පරිපාලකයන්ට ඇවිත් නො තිබුණත්  ලිපිකරුට ඇවිත් තිබුණි. පොදු පරිපාලකයන්ට පෙර වෙස් බූක් තුළ බහුලව භාවිතා කරන හෝ ක්‍රියාශිලි පරිපාලකයන්ට ලබා දුන් බව Mashableහි සදහන් වෙයි.


මේ අලුත් වින්‍යාසයේ පෙනුම :
ImageHost.org

එහි දකුණු පස ඇති තීරුවේ එතරම් වෙනසක් සිදු වී නැති අතර වම් පස ඇති තීරුව අළුත් වී අතර එහි පෙර වින්‍යාසයේ Shortcut Bar හි තිබු‍ණු බොහෝ අංශයන් එකතු වී ඇත.
එමෙන්ම Search Box ඒක වඩා විශාල වී Friend Request, Messages හා Notifications යනුවෙන් අයිකන තුනක්ද Facebook ලාජනය අස‍ල පිහිටා ඇත. එමෙන්ම Profile නම් ටැබය වෙනුවට Home Pageහි View My Profile ලෙසින් දැක්වෙයි.

ImageHost.org
මෙහි දැක්වෙන අනෙක් වෙනස්කමක් නම් Applications යටතේ තිබුණු Facebook Games දැන් වෙනම වෙන් කොට දැක්වීමයි. (නමුත් මෙහි දෝෂ ඇති බවක් දැනෙන්නේ Mada Greetings නම් Application ඒක Games යටතේ ගොනු වීමත් මීට සුමානකට පෙර ඉවත් වී Block කළ Fishville ඒකද මගේ එකේ පෙන්වීමයි). එසේම තමාගේ අනෙක් මිතුරන් යම් යම් ක්‍රීඩාවක යෙදුණු විට මෙහිද පෙන්වීමයි (එය එක්තරා ආකාරයට Privacyහි තවත් දුර්වල වීමක් වැනියැයි අනුමාන ලිපිකරු අනුමාන කරයි.)

Friend Requestsහි පරිපාලිකයාට අලුතින් පැමිණි ඇති Friend Requests දැක්වෙන අතර පරණ Friend Requestsද එහි පහතින් දැක්ෙවයි.


මෙහි අනෙක් වැදගත්ම වෙනස්කමක් ලෙස සැලකීය හැකි දෙයක් නම් Messages විශේෂාංශයයි. ඒ නිසා පණිවිඩ හුවමාරු කිරිමේ ක්‍රියාවලිය වැඩි වෙනු ඇති.


Notifications වලද එතරම් වෙසක් වී නැත.
ImageHost.org


Shortcut Barහි දකුණුපස තිබුණු Chat කවුළුව එසේමම ‍තිබෙන අතර Home Pageහිද දර්ශණ වෙයි. මීට පෙර වින්‍යාසයේ පෙන්වු Notifications දකුණු පස පල්ලෙහායින් පෙන්වයි.
ImageHost.org


මිතුරන් විසින් Upload කරන ලද පින්තුර දැන් පෙරට වඩා පහසුවෙන් නව වින්‍යාසය තුළින් බැලිය හැකිය.
ImageHost.org


අළුතින් හදුන්වා දුන් තවත් විශේෂාංගය නම් Featured Gifts, Games හා ඇතැම් Applications සදහා මුදල් ගෙවීමට Facebook Credits නම් විශේෂාංගය හැදින්විය හැකිය.
ImageHost.org



මෙම ලිපිය ලියන වේලාවේ කැපි දකින්නට ලැබුණු විශේෂාංග වන අතර ඇතැම් Privacy Settings හා වෙනත් දේද වෙනස් වී තිබිය හැකිය.


කොම්පුටරේ නැවතත් පෙරළියට! ;)
EAVB_QCOECKPLQN

කොම්පුටරේ කෑලි ටික

Sunday, September 27, 2009
මුලින්ම කියන්නම්කො පරිගණකයක් කියන්නේ මොකක්ද කියල.

සරලවම කියනවනම් පරිගණකයක් කියන්නේ විදුලියෙන් වැඩ කරන යන්ත්‍රයක්. එයට දෙන ලද උපදෙස් අනුව තමයි වැඩකරන්නේ. දත්ත අතුලත් කරාම දීල තියෙන උපදෙස් වලට අනුව ඒව සකසල තොරතුරු ලබාදෙන්න පුලුවන් දෙයක්.

පරිගණකයක ඇති කොටස් මෙහෙම වර්ග කරන්න පුලුවන්
1. ආදාන උපකරණ (input devices)
2. ප්‍රතිදාන උපකරණ (output devices)
3. සැකසුම් උපකරණ (processing devices)
4. දත්ත ගබඩා කිරීමේ උපකරණ (storage devices)


අද බලමු කොම්පුටරේ දැක්ක ගමන් පේන්න තියෙන කෑලි ටික. මේ පහල තියෙන පින්තූරෙ බලන්නකෝ.

පින්තූරෙ ගත්තෙ නම් මෙතනින් http://arssupercomputer.org/images/


Screen -(Display/Monitor කියලත් කියනවා) දැක්ක ගමන් පේන්න තියෙන්නේ මොනිටර‍යනේ. මේක පරිගණකයේ කොටසක් විතරයි. මේකෙන් කරන්නේ අපට කරන දේවල් පෙන්නන එක.
ඒ කියන්නේ ප්‍රතිදාන උපකරණයක් (Output Device)

System Unit - මේකෙ තමයි පරිගණකයක් වැඩකරන්න අවශ්‍ය කොටස් ටික තියෙන්නේ. පරිගණකයේ මොලය කියල හදුන්වන මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit -CPU), පාලන ඒකකය, මූලික දත්ත ගබඩා උපකරණ තියෙන්නෙත් මේක ඇතුලෙ තමයි. සමහරු මේකට CPU කියල කියනවත් අහල ඇතිනේ. නමුත් CPU එක System Unit එක ඇතුලෙ තියෙන එක‍ කොටසක් විතරයි. ඒක නිසා මේක පද්ධති ඒකකය (System Unit) කියන එක තමයි වඩා නිවැරදි. (ඇතුලෙ කොටස් ටික පසුව කතා කරමු.)

KeyBoard - යතුරු පුවරුව ටයිප් රයිටර් එක වගේම යතුරු පිහිටල තියෙන මේකෙන් කරන්නේ පරිගණකයට ආදාන සපයන එක. ඒ කියන්නේ අපට පුලුවන් යතුරු පුවරුවෙන් පරිගණකයට දත්ත ඇතුලත් කරන්න. මේක ආදාන උපකරණයක් (Input Device)

Mouse - මූසිකය :D මේ මීයත් දත්ත ඇතුලත් කරන්න තමයි පාවිච්චි කරන්නේ. නිතරම වැඩ කරන කෙනාගේ අතට හිරවෙලා ඉන්නේ. මේක pointing device ගොඩට දාන්න පුලුවන්. ‍pointing device කියන්නේ ආදාන උපකරණ වලින් එක කොටසකට. Mouse Pointer එක එහාමෙහා කරන්න වගේම විධාන දෙන්නත් මේක භාවත කරනවා. ඒක නිසා මේකත් ආදාන උපකරණයක් (Input Device) වෙනවා.

Speakers - ශබ්දය නිකුත් කරන්න භාවිතා කරන්නේ මේක තමයි. ඔයාල සිංදු අහන කොට ඇහෙන්නෙ මේව තුලින්. ඉතිං මේක ප්‍රතිදාන උපකරණයක් වෙනවා.

Microphone - ශබ්දය පරිගණකයට ඇතුලත් කරන්න උපකාරී වෙනවා. එතකොට මේක වැටෙන්නෙත් ආදාන උපකරණ ගොඩට.

මේ මූලිකම කොටස් ටික. මීට අමතරව ආදාන ප්‍රතිදාන උපකරණ තව තියෙනවා. බලන්න ඔයාලට වර්ග කරගන්න පුලුවන්ද කියල.

Limewire පාවිච්චි කරනවාද? එහෙනම් මේක කියවන්න. .

Wednesday, September 23, 2009

ඉංගිරිසි සිංදුවක් හොයාගන්න ඕනෙ උනොත් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක තමයි LimeWire. මේ කියන්න යන්නේ ඒක පාවිච්චි කරනකොට මට හැමදාමත් දකින්න ලැබෙන දෙයක් ගැන.

මේ රූපය දිහා බලන්න. (ක්ලික් කලාම ලොකු කරලා බලන්න පුලුවන්) මම search කරනවා westlife ගායක කණ්ඩායමේ Soledad කියන ගීතය. මම search කරන්න keyword විදියට දුන්නේ “soledad westlife” යනුවෙන් capital කිරීමක් හෝ නැතුව. මේ රූපයේ තියෙන්නෙ මුල් විනාඩියෙදි විතර ආපු ප්‍රතිඵල.

බලන්න ප්‍රතිඵල 6ක් තියෙනවා, mp3 හෝ wma වර්ග වලින්. හොඳින් බැලුවොත් පෙනේවි bitrate හා length පෙන්වා ඇත්තේ ඉන් එකක පමණක් බව. සිංදු ෆයිල් එකක bitrate, length අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නේද? ඒ වගේම බලන්න එකක් ඇර අනික් ෆයිල් 4කම නම ඇත්තේ මම search keyword එක දීපු විදියටමයි. හරිම පුදුමයි නේද?

මතක තියාගන්න මේ විදියට bitrate, length නැතුව එන්නේ වෛයිරස් බව. මුල් කාලෙ මමත් දන්නෙ නැතුව දැක්ක ගමන් ඕව download කරා. පාඩං ඉගෙනගෙනම දැන් මේව දකිනකොටම දන්නවා :D මේ වෛරස නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි අපේ search keyword වලින්ම පෙන්වීම. එතකොට අපි රැවටිලා download කරනවනේ. ඒ නිසා කවදාවත් මේකෙ search කරනකොට “Westlife – Soledad” වගේ formal විදියට දෙන්න එපා. ඔක්කොම simple වලින් ගහන්න. එතකොට අඳුනාගන්න පහසු වේවි අනවශ්‍ය දේවල්. bitrate, length නැති audio file නං වැරදිලාවත් බාන්න එපා.

(මවිසින් කලකට පෙර ලියන ලද පැරණි ලිපියකි)
--
ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Gmail Yahoo කස්ටියට අපූරු වැඩ කෑලි ටිකක් ( අනික් කට්ටියටත් නැතුවම නෙවෙයි )

Sunday, May 31, 2009
මෙම ලිපිය මාගේ සිංහල බ්ලොග් අඩවියේ පලවූ ලිපියකි. කොම්පුටරේ අඩවියෙන් ඉල්ලීමක් ලැබුනු නිසා එම ලිපිය ඒ ආකාරයෙන්ම මෙහි පල කරමි



වචනවලට වඩා රූප බලවත් කියල කියනවනේ. ඔන්න එහෙනම් වැඩ කෑලි ටික රූප වලින්.










මෙන්න ඇතුල් වෙන තැන. පේනවද ගූග්ල් සහ යාහූ ලාංචන දෙක? ඒ කියන්නේ දැනට අපේ තියන ගූග්ල් / යාහූ ගිනුම් වලින් මේ සේවා හැම එකකටම දායකත්වය ලබාගන්න පුලුවන්.





Zoho Mail කියන්නේ සාමාන්‍ය ඊ- මේල් සේවාවක්.බැලූ බැල්මට යාහූ වගේ. එත් එකට වඩා ගොඩක් පහසුකම් තියනවා. මම ආසම එක තමා Google Gears පාවිච්චි කරල Offline වැඩ කරන්න තියන හැකියාව.

ඒ වගේම වෙනත් ඊ-මේල් ලිපිනයකින් ඊ-මේල් යවන්න තියන හැකියාව. උදාහරනයක් විදියට මට පුලුවන් වල ඉදල මගේ ජි-මේල් ලිපිනයෙන් යැව්ව වගේ පේන්න ඊ මේල් යවන්න.තව එන ඊ-මේල් ඔක්කොම වෙනත් ලිපිනයකට පහසුවෙන් forward කරගන්න පුලුවන්.තවත් අපූරු දෙයක් තමා අපි Google හෝ yahoo පාවිච්චි කරවා නම් අපිට ඉබේම තවත් ඊ මේල් ලිපිනයක් ලැබීම.

කතාව මේකයි. අපි Google/ Yahoo ගිනුමකින් Zoho සේවයට ඇතුල් උනොත් අපි Zoho ඇතුලෙදි පාවිච්චි කරන්නේ අපේ Google/Yahoo ගිනුමේ නම. ඉතින් අපි abcdef@gmail.com ලිපිනය පාවිච්චි කරලා Zoho වලට ඇතුල් උනොත් අපිට ඉබේම ඊ-මේල් ලිපිනයක් ලැබෙනව abcdef@zoho.com කියලා.





Zoho Writer ජාලය හරහා අපිට Word processing කරන්න පහසුකම් ලබාදෙන සේවාවක්.Zoho ගැන දැනගන්න කලින් මම පාවිච්චි කලේ Google documents.එත් දැන් නම් තමා Zoho Writer .හේතුව තමා මේකේ තියන පහසුකම්.Office 2007 වල වගේ Ribbon එකක් ඇතුලත් කරල තියනවා. හොද වේගයක් තියන ජාල සබදතාවයක් තියනවා නම් Office/Open office වල වැඩ කරනවා වගේම තමා. බ්ලොග් ලියන අයට Zoho Writer පාවිච්චි කරල ලියලා කෙලින්ම ඒක බ්ලොග් එකට එවන්න පුලුවන් හැකියාවක් තියනවා. තියන පහසුකම් ඔක්කොම ගැන කියන්න ගියෝතින් ලියන්න ඉඩ මදිවෙයි. ගිහින්ම බලන්න. පොඩි අව්ලක් තියනවා හැබැයි.මට තේරුන විදියට මේක Google documents වඩා ගොඩක් වෙලා ගන්නව load වෙන්න




Zoho Sheet/ Zoho Show කියන්නේ Excel/ power point වලට සමාන සේවා දෙකක්





Zoho Docs වලින් අපිට අපේ හැම ඔන්ලයින් ලිපි ගොනුවක් ගැනම විස්තර බලාගන්න පුලුවන්. ඒ වගේම එව ඊ-මේල් කරන්න, අපේ පරිගනකයේ තියෙන ලිපිගොනු Zoho වලට upload කරන්න වගේ වැඩ පහසුවෙන් කරගන්න උදව්වක්. අපේ ලිපිගොනු පිලිබද සාරාංශයක් විදියටත් මේක හදුන්වන්න පුලුවන්

Zoho chat ඉතින් චැට් කාරයොන්ටම තමයි.දැනට යන Yahoo, Google, Jabber, MSN, AIM ,ICQ සේවා සදහා Zoho chat හරහා log වෙන්න පුලුවන්. ඉදිරියේදි තව සේවා අනිවාර්යෙන්ම මේකට එකතු වේවි.

ඒ වගේම ගිනුමක් නැති කෙනෙක් එක්ක වුනත් චැට් කරන්න පහසු විදියක් හදුන් වල දීලා තියනවා. අපිට චැට් කරන්න අවශය පුද්ගලයාට ඊ-මේල් එකක් යවන්න පුලුවන් චැට් එකකට එන්න කියලා. ඊ- මේලයේ තිබෙන සබැදියක් මගින් එම පුද්ගලයාට ඔබ සමග සංවාදයක් ඇරඹිය හැකියි.

චැට් කරනවාට අමතරව තමන්ගේ වෙබ් අඩවියට කෑ ගහන පෙට්ටියක් (shout box )එකතු කරගන්න සහ වෙබ් අඩවියට එන අයට ඔබ සමග සජීවි සංවාදයේ යෙදෙන්න පුලුවන් විදියේ gadget එකකුත් Zoho Chat වෙතින් ලබාගන්න පුලුවන්.කරන්න තියෙන්නේ අපිට ගැලපෙන විදියට ඒව වෙනස් කරගෙන වෙබ් අඩ්වියට එකතු කරගන්න විතරයි



Zoho NoteBook තවත් වැදගත් සේවාවක්. තේරෙන භාශාවෙන් කිව්වොත් නිකන් scrap book වගේ. හිතන්න අපිට වාර්තාවක් ලියන්න තියනවා කියලා ජාවා ගැන. අපි ඒ ගැන තොරතුරු පත්තර, පොත්, වෙබ් අඩවි වලින් වගේ දෙවල් වලින් අරගෙන එක තැනකට එකතු කර ගන්නවා නෙද? අන්න ඒ වගේ වැඩක් තමා ZohoNotebook වල වෙන්නේ.
මේ බලන්න රූප, ශබ්ද, වීඩියෝ ඕනෑ එකක් එකතු කරගන්න පුලුවන්


අපොයි මේ පොස්ට් එක දැන් ගොඩාක් දිග වෙලා. අදට ඔය ඇති.

තව සේවා තියනවා මම කැමති. විස්තර ලියන්න වෙලා නැති නිසා නම් විතරක් දාන්නම්. ගිහින් බලන්න.

Zoho Share යාලුවොත් එක්ක කැමති දේවල් බෙදා හදා ගන්න
Zoho Planner අමතක වෙන දේවල් ලියල තියාගන්න
Zopo Wiki විකියක් හදන්න
Zoho Polls ඡන්ද තියන්න
Site 24 X 7 වෙබ් අඩවියට යන එන අය ගැන හොයන්න



ඔන්න අන්තිමට හොදම ආරංචිය මූණු පොතෙ ඉදල zoho mail බලන්න පුලුවන්. ඊ- මේල් විතරක්
නෙවෙයි calender, tasks, documents වගේ සේවාවනුත් මූණු පොතේ ඉදලා ලබාගන්න පුලුවන්.ඒ Zoho Widgets නිසා . මූණු පොත ගැන මුලින්ම කිව්වෙ ගොඩක් අය ඒක පාවිච්චි කරන නිසා. මූණු පොතට අමතරව iGoogle, Orkut වලටත් Open Social සහය දක්වන ඕනැම තැනකදිත් Widgets හරහා Zoho භවිතා කරන්න පුලුවන්. ඒ ගැන දැන ගන්න මෙතන කොටන්න



වින්ඩෝස් වලට සිංහලෙන් පරිශීලක නම යොදමු.

Friday, May 15, 2009
පරිගණකයේ පරිශීලක නාමය වින්ඩෝස්හි සාමාන්‍යයෙන් යොදන්නේ ඉංග්‍රීසියෙනි.සිංහල බ්ලොග් කරුවන් වන අපි ඉතිං අපි සිංහලෙන්ම නම යොදමු.

අවශ්‍ය දේවල්,

  • සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය කර තිබීම‍
නැතහොත්

  • සිංහල යුනිකේත Font සහිත පරිගණකයක් වීම.

මෙහෙමයි කරන්නේ.

  • Control Panel--->User Accounts
  • සිංහලෙන් නම යෙදීම‍ට අවශ්‍ය පරිශීලක නාමය තෝරන්න.
  • දැන් Change my Name තෝරන්න.
  • නව පරිශීල නාමය ලෙස සිංහලෙන් නම ඇතුලත් කරන්න. මෙහිදී යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණකයක් නම් සිංහලෙන්ම යතුරුලියනය සිදුකල හැක. නැතහොත් අන්තර්ජාල යතුරුපුවරුව හෝ එසැනින් පරිවර්තක වලින් යු‍නිකේත බවට පරිවර්තනය කරන පරිවරතකයක් භාවිතයෙන් කොපි කිරීම සිදුකරන්න.
*යුනිකේත ස්ථාපනය කර නොමැති පරිගණකයක් නම් අකුරු වෙනස් වී දිස්විය හැක.

මේ තියෙන්නේ අවසන දිස්වන ආකාරයයි.



--
ගයාන් තාරක


Ubuntu - අනාරක්ෂිත තැනක්!!!

මුල් කාලයේ Ubuntu සංස්කරණ වල දී Recovery Mode මගින් පරිගණකය ක්‍රියාරම්භ කළ විට Ubuntu මගින් පරිශීලකයාව රැගෙන යන්නේ root shell වෙතටයි. root පරිශීලකට මුරපදයක් යොදා තිබුණොත් එහිදී root ට අදාළ මුරපදය පරිශීලකගෙන් විමසනවා.

නමුත්, නූතන Ubuntu සංස්කරණ වලදීත් (මගේ මතකයේ හැටියට Gusty Gibbon සිට මේ දක්වා) මෙසේ Recovery Mode භාවිතයෙන් ක්‍රියාරම්භ කළ විට පරිශීලකට root shell වෙත යාමට හැකියි. නමුත් නූතන සංස්කරණ වල මෙම ක්‍රියාවේදී root හි මුරපදය විමසීමක් සිදු වන්නේ නැහැ.

මෙසේ කරන්නට ඇත්තේ සමහර විට පරිශීලකගේ පහසුව තකා වෙන්න‍ට පුළුවනි. එහෙත්, මට හැඟෙන විධියට මෙය Ubuntu වල ලොකු අනාරක්ෂිත තැනක්. ඒ root විධියට පරිගණකයට පිවිසෙන්නාට පරිගණකය තුළ ලොකු බලයක් ලැබෙන නිසා යි.

මෙම ආරක්ෂක සිදුර වසා දැමීමට මම අනුගමනය කළේ පහත දැක්වෙන ක්‍රමයයි.

1. BIOS වෙත ගොස්, පරිගණකය ක්‍රියාරම්භ වීමේදී ක්‍රියාරම්භ මාධ්‍යය (boot medium) තෝරා ගත හැකි පහසුකම අවලංගු කරන්න.

2. BIOS වෙත supervisor password එකක් යොදන්න. වෙනත් කෙනෙකු සංගත තැටියක් භාවිත කර අනවස‍රයෙන් ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට ඇති ඉඩ මින් වැළකෙයි.

3. root ලෙස පරිගණකයට පිවිසී root ට මුරපදයක් යොදන්න.

# passwd root

4. /boot/grub/menu.lst ගොනුව පහත දැක්වෙන පරිදි සංස්කරණය කරන්න.

# vim /boot/grub/menu.lst

දැන් එම ගොනුවේ පහත දක්වා ඇති යොමුව සොයාගෙන එම යොමුවට අදාළ සෑම පේළියකම මුල # ලකුණ යතුරුලියනය කරන්න.

#title Ubuntu, kernel 2.6.xx-xx-generic (recovery mode)
#root (hdx,x)
#kernel /boot/vmlinuz-2.6.xx-xx-generic root=/dev/sdxx ro single
#initrd /boot/initrd.img-2.6.xx-xx-generic
#boot

දැන් එක් වරක් Esc යතුර ඔබා :wq යතුරුලියනය කිරීම මගින් vim ගොනු සංස්කරණ යෙදුමෙන් ඉවත් වෙන්න.

දැන් Recovery Mode විකල්පය ක්‍රියාරම්භ මෙනුවෙන් ඉවත් වී ඇති. ඔබේ පරිගණකයට කිසිවෙක් අනවසරයෙන් පිවිසීමට ඇති එක් මඟක් මෙයින් ඇහිරී යයි.

මීට වඩා හොඳ ක්‍රමයක් දන්නවනම් ප්‍රතිචාරයක් තබා යන්නට
පාඨක ඔබට පුළුවනි. :)

---
~ ශාකුන්තල

වින්ඩොස් විස්ටා හා 7 සදහා Hibernate සක්‍රීය ගැන්වීම

Saturday, May 9, 2009
ගයාන් තාරක විසින් වින්ඩෝස් එකස් පී මෙහෙයුම් පද්ධතිය සදහා Hibernate සක්‍රිය කල හැකි ක්‍රමයක් හදුන්වා දීලා තිබුණා. නමුත් ඒ ක්‍රමය වින්ඩොස් විස්ටා හා අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 7 එකට වලංගු නොවෙයි. ඒවා ක්‍රියාත්මක කරවන අයුරැද වෙනස් වෙයි. ඒ මෙහෙයුම් පද්ධති වල තිබෙන විශේෂාංශ හා අනුකුල නොවීම ඊට හේතුවයි.
වින්ඩොස් විස්ටා සදහා:
විස්ටාහි මේ ක්‍රමය අක්‍රිය වීමට හේතු වන්නේ Disk Cleanup හිදි Hibernation File Cleaner තුලින් ඒ දන්ත මකා ඇති නිසා හෝ Hybird Sleep සක්‍රිය කර තිබිම හෝ Hibernate කල මොහොතක පණ ගැන්වීමේදි සිදු වු දෝෂයක් නිසා අක්‍රියාත්මක (disabled) කර තිබිය හැකියි. (ඇතැම් පරිගණක වල මේ Hibernate වලට අනුකුල නොදක්වන්න පුලුවන් එයත් හේතුවක්.)

෴ක්‍රමය 01.෴
විස්ටා තුල මෙය විසදීම සදහා පහසු මගක් තිබෙනවා, මාදුකාශයක් වැන්නක් බාගත කිරිමෙන් කළ හැකියි. එය මෙතැනින් භාගත කරන්න: http://go.microsoft.com/?linkid=9645383


෴ක්‍රමය 02.෴

මෙවැන්නක් තමා විසින්ම කරන්න කැමති අයට ක්‍රමයක් තියෙනවා. මේකම වින්ඩෝස් 7 වලට කරන්න පුලුවන්.
VistaStartButton.jpg මේනුව හෙවත් ස්ටාර් මේනුවට ගිහින් All Programsහි Accessories තෝරා Command Prompt යන්න දකුණු මුසික බොත්තම ඔබා* Run as Administratior යන්න තෝරන්න. (ඇතැම් විට ඔබට මුර පදය දීමට හෝ විධානය දෙන්න වෙවි.
ECPvista.jpg
එවිට ඔබට දකින්නට ලැබෙන්නේ මෙයයි:
Elevated_Command_Prompt.jpg
මෙසේ Elevated Command Prompt එකේ (Run as Administratior යන්නෙන් දුවන Command Prompt එක) වෙනස නම් සාමන්‍ය විදිහට දුවන විට ඒ පරිශලිකයාගේ දන්ත පමණයි වෙනස් කරන්න පුලුවන්. එතකොට මා රවුම් කර ඇති ස්ථානයේ දැක්වෙන්නේ C:/Users/ (පරිශලිකයාගේ නාමය) ලෙසටයි. Elevated Command Promptහිදි දැක්වෙන්නේ C:\Windows\System 32 ලෙසටයි.

දැන් එහි
powercfg -h on යන විධානය ලබා දී Enter විධානය ලබා දෙන්න. ( powercfg -h off ලෙස මේ විදියටම කර අක්‍රිය කරන්න පුලුවන්.) දැන් Hibernate විශේෂාංශය ක්‍රියාත්මකයි!
(ඇතැම් පරිගණක වල ගැටලු ආ අවස්ථා තියෙනවා. ඔබටත් එසේ වුවේ නම් දන්වන්න. සතියක් තුල විසදුම් දෙන්නම්.)
වින්ඩෝස් 7 සදහා:
වින්ඩෝස් විස්ටා වලට දුන් දෙවැනි ක්‍රමය තුලිනුත් කරන්න පුලුවන්. නැත්නම් මේ අයුරටත් කල හැකියි:
(රෑපය මත ඔබා විශාලනය කරන්න)
Control Panel එකෙහි Hardware and Soundහි එන Power Options යටතේ තිබෙන Change power-saving settingsට යන්න. එහි ඇති change plan settings ලින්ක් එක තෝරන්න. එහි එන change advanced power settings මගින් එන වින්ඩෝවේ sleep දිග හැරැම තුලින් settings(minutes) වල දන්තය අවම අගයක්ට ගෙන never දක්වාම ගෙනියන්න. ඉන්පසු OK ඔබන්න. (ඔබට නිසි ලෙස ප්‍රවේශමයෙන් වෙනත් දන්ත වෙනස් කරන්නත් පුලුවන්. නමුත් එහිදි වෙනත් ගැටලුවලට මුහුණපාන්නත් පුලුවන්. ඒ නිසයි වින්ඩෝස් 7වල මේ ලෙස සැකසුම් සරල කරලා තියෙන්නේ (power options හා change plan settings වගේ).
setting.png

*දකුණු මුසික බොත්තම ඔබා = right click විධානයට මීට වඩා සිංහලෙන් කියන්න හොද විදිහක් තියෙනවාදෝ?