තවත් Simple Plan එකක් Firefox සමග

Thursday, May 7, 2009
පහුගිය දවසක ෆ්යිල් ගොඩක් කොපි කරන්න යනකොට අත පසු වීමකින් දැන ගන්න ලැබුන පොඩි දෙයක් ගැන ඔයාලටත් කිව්වොත් හොදයි කියල හිතුනා. Windows Explorer විවුර්ත කරගෙන ඉන්න ගමන් එකේ Address Bar එකෙ තියන චූටි පොතක් වගෙ Folder Icon එක උඩ ක්ලික් වෙලා එක ඩ්‍රැග් වුනා Firefox Browser ටැබ් එකකට


එක පාරටම මගෙ ෆයර් ෆොක්ස් ටැබ් එක මෙන්න මෙ විදියට පේන්න ගත්තා



Firefox තුල File Index එකක්!

පරිගනකයේ ඕනෑම ගොනුවක් බලාගන්න, (සගවා ඇති ගොනු හා බැලීමට අවසර නැති ගොනු හැර )ඒ වගේම .ඡායාරූප,සින්දු වගේ දෙවල් ලෙසියෙන්ම විවුර්ත කරගන්නත් පුලුවන්. කරන්න තියෙන්නේ ගොනුව තියන තැනට ගිහින් ගොනුව මත ක්ලික් කරන එක විතරයි. ගිනි හිවලා එතකොට අහාවි මොනවද කරන්න ඔනේ කියලා.හැබැයි ඒක කරන්න පුලුවන් අදාල ප්ලග් ඉන් තිබුනොත් විතරයි.ප්ලගින ගැන දන්නෙ නැත්තම් මේක
බලන්න


වින්ඩෝස් එක්ස්ප්ලෝරා වගේ හාඩ් ඩිස්ක් එක මාරු කරන්න තියෙන්නෙ එයට අදාල අකුර Address Bar එකේ යතුරු ලියනය කරල Enter කරන එක විතරයි.(උදා C:)

තවත් දෙයක්, අමතක කරන්න එපා ගිනි හිවලා(Firefox) අපිට පොත් සලකුණු (Bookmarks) දාන්න පහසුකම් සලස්වල තියන බව. දැන් ඉතින් පරිගනකයේ නිතරම යන එන තැන් වලට පොත් සලකුණු (Bookmarks)දාන්න පුලුවන්.එවා වැඩ කරන්නෙත් සාමාන්‍ය අන්තර්ජාල සලකුණු වගේමයි!

මේ ගැන තව විස්තර දැන ගන්න මෙතන කොටන්න


කොම්පුටරේ පලවෙන මගෙ පලවෙනි ලිපිය තමා මේක.ඒක නිසා අඩු පාඩු ගොඩාක් ඇති. ඒ දේවල් ගැන සමාව ඉල්ලන ගමන්ම බින්කු සහෝදරයට ස්තුතියි කියන්නත් කැමතියි කොම්පුටරේට මාවත් එකතු කර ගත්තට.මම ගැන කියනවනම් දැනට ඉන්නේ නුවර.පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ පලවෙනි වසර ශිෂ්‍යාවක්.


--deeps--

4 comments:

Indranama said...

කොම්පූටරේට ආයුබෝවන් !
ඉදිරියේදි තවත් පෝස්ට් බලාපොරොත්තු වෙනවා.
සුබ පැතුම් !

Deeps said...

බොහොම ස්තුතියි, තව පොඩි දෙයක් ,වැරදි තියනවා නම් පෙන්වලා දෙන්න.

Narada said...

පලමු පියවරෙන්ම හොද එකක් ලියලා තියෙනවා, නියමයි! මේක Explorer එක අල වුණාම පාවිච්චි කරන්න ගොඩාක් වැදගත් වෙනවා.

කොම්පුටරේටත් පලමු සිංහල පරිගණක ලිපි සපයන්නිය ලෙසත් ඔයාව සාදරෙන් පිලිගන්නවා. සුභ පැතුම්! දිගටම ලියන්න අපි එක්ක ඇත්වැල් බැදගෙන.

අඩුපාඩුවක් පෙන්නුවාට කාරි නෑ කියලා හිතනවා:
"මේ ගැන තව විස්තර දැන ගන්න [මෙතන - link] කොටන්න"
මේ වෙනුවට ඔයාම පරිවර්තන කර හෝ දැම්මා නම් වටිනවා. මොකද ඉංශ්‍රිසි ලිපි කොතරම් තිබ්බත් කියවන්න වරම් නැති රිසියක් නැති අපේ මිතුරැ මිතුරියන් වෙනුවෙන්නේ ලියන්නේ.

ධනික (මානවයා) said...

පිටු සලකුණු භාවිතා කිරීමට හැකියාව ලැබීම මෙයින් වෙන ලොකු පහසුවක් වේවි.
අප සමඟ බෙදා ගැනීම පිළිබඳ ස්තූතියි!

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.