ගුගලයට බළල් ඇසක් අරං!

Thursday, March 26, 2009
ගුගලය සැමදාමත් විටෙක තාක්ෂණය හා අත්තර්ජාලය යොදා ගනිමින් අලුත් දේ ලෝකයට හදුන්වා දෙන අතර ඇතැම්විටෙක ඒ නිසාම විරෝධතාවලට හා හාස්‍යයට ලක්වුවත් පොදුවේ අපගේ එදිනෙදා ජිවිතයේදි බොහෝවිටදි චක්‍රාකාරව හෝ ගුගලය වැදගත් වෙයි. උදාහරණයක් ලෙස Google map, Google Earth, Google Apps වැනි සේවා හැදින්විය හැකිය.
Google Map මගින් අද GPS යන්ත්‍රයෙන් කරන කාර්ණයෙන් නොනැවැතුණු ගුගලය Google Earth තුලින් අපට වයිමා උඩ සිට බලන කෝණය ලබා දුන් අතර කරදරයකදි අහසේ තරු දවල් තරුද අවශ්‍ය නම් හදේ හාවාගේ ලපයද බලා ගැනිමට Google Space/Moon තුලින් ලබා දුන් අතර ඉන් නොනැවැතුණු ගුගලය 2007දි තවත් කැසිල්ලක් හදුන්වා දෙන ලදි. එනම්, Google map හි Street View සේවාවයි. එය දැනට රටවල් නමයක නගර 100කට වඩා හොඳින් ක්‍රියාත්මක කරන අතර ඉන් ඉතාලිය, ප්‍රංශය, ඇමෙරිකාව, නිව්සිලන්තය හා බ්‍රිතානය ප්‍රධාන වෙයි. දැනට කැනඩාව තුලද මෙම මාසය තුල ක්‍රියාත්මක කිරිමට කටයුතු කලද කැනඩාවේ පෞද්ගලිකතවය පිළිබදව නිතිය නිසා ගැටළුමය තත්වයක් උදා වී ඇති අතර දැනටද ඇමෙරිකාවේ හා බ්‍රිතානයේ එවැනිම කරදරයන් වලට ගුගලයට මුහුණපෑමට සිදුවී තිබෙනවා. ඉන් එකක් ලෙස ඇමෙරිකාවෙ ජෝඩුවක් ගොණුගත කරන ලද නඩුවකුත් පුවත් දෙකකුත් දක්වන්න පුළුවන්. පුවත 1 | පුවත 2 .දැනට ගුගලය පුද්ගලයන්ගේ මුණු හා වහාන වල අංක තහඩු අපැහැදිලි (Blur) කර ඇති අතර අසහ්‍ය හා නොසුදුසු ජායරූප ඉවත් කිරිමට කටයුතු කරන බව කියයි.

ගුගල්හි මේ සේවාව Google maps හෝ google Earth හෝ එහි පාරක හෝ ගොඩනැගිල්ලක ක්ලික් කිරිමෙන් දැකගත හැකි අතර එහිදි 360o දිශාවට කැරකවිය හැකි අතර මේ ජායාරූප ලබාගැනිම සදහා ගුගලය භාවිතා කර ඇත්තේ අප රටේ සුදු වෑන් මෙන් කළු කාර් වල වහලය මත සකස් කරන ලද කැමරා සවි කර විදි සංචාර කිරිමෙනි. එවැනි කාර් වල ජායාරූප එකතුවක් මෙතැනින් දැක ගත හැකිය. මේ නිසාත් ගුගලයට තවත් කරදර වලට මුහුණපාන්නට සිදුවු අතර ඇමෙරිකාවේ පෙන්ටරය හා එවැනි තැන් වල ජායාරූප ගත කිරිම ගැන ගුගලයට එරෙහිව නිතිමය කටයුතු කිරිමට ගිය බව වාර්තා වෙනවා. Street View මගින් අපරාධකරුවන්ට තවත් පහසුවිමේ තවත් අවධානමක් පැවතුණත් මෙහි ප්‍රයෝජනවත්කම් බොහොමයකි. එහි සමහරක් ලෙස ගමනක් යෑමට පහසු විමට, තමා ප්‍රිය කරණ තැනක් ගැන සමීපතයන්ට පැවසිමට, ලොව විවිධ තැන් වල ජායාරූප හා එහි පිවිසිලෙස වටපිටාව දැක ගන්න හැකි විම සදහන් කල හැකියි..
එවගේම ඒ කැමරා කාචවලට රසවත් හා හාස්‍යජනක ජයාරූප ගතවු අවස්ථාද බොහොමයක් දහස් ගණින් සොයා ගත හැකි අතර තව තවත් එවැනි දේ සොයාගත් හැකිය. එවැනි කිහිපයකි මේ:

ImageHost.org
ඔන්න ගුගල්ගෙන් පාඩමක්: මේ පැත්තෙන් යනකොට වේග සීමාවට වඩා වේගයෙන් ගමන් කරන්න.

ImageHost.org
ඔළු නැති හොල්මං ඉන්නවා කියන්නේ බොරුවක් කියලා මම හිතපු එකත් බොරුවක්වත්ද?

ImageHost.org
මග සිටියොත් ගුගල් මා නසී, ගෙදර ගියොත් අඹු මා නසී.

ImageHost.org
මු මොකෙක්ද? ඩනිෂ්ක අයියාගේ ගෙදරට පැනපු හොරාද? නැත්නම් තාප්ප උඩින් පැනලා පෙම්වතිව බලන්න යන තවත් සුදා කෙනෙක්වත්ද? නැත්ත්නම් ගෙදරට හොරෙන් දවල් අභිනික්මනයක්වත්ද?

ImageHost.org
බුදු...බුදු අම්මේ මෙන්න Star Wars පටං අරං, මාව බේරපියෝ!

උපුටා ගත්තේ Mashable තුලිනි. එහිදි තවත් මෙහි තවත් ජායාරූප කිහිපයක් ඇති. Google Sightseeing හා Street View Gallery යනු තවත් එවැනි එකතුවන් දෙකක්, තවත් මෙවැනි දේ හා එකතුවන් හමුවුවොත් හැකි නම් මෙහි අදහස් (comment) ලෙස හෝ ඔබේ බිලෝගයේ පල කර (හැකිනම් එම Post එකෙහි ලිපිනයද මෙහි comment ලෙස දමයි කියා සිතනවා) අපිත් සමග හදා බෙදා ගන්න.
ලෝකයට අලුත් දෙයක් සේවාවක් නොමිලයේ ලබා දෙන ගුගලයට ජය! Street Viewහි ලිපිනය:

http://maps.google.com/help/maps/streetview/



මෙම සේවාවදි ලබා ගන්නා Usage ප්‍රමාණය වැඩි නිසා ධාරිතා සිමිත අත්තර්ජාල භාවිතා කරන්නන් පරිස්සම් වන්න.






*****
කොම්පුටරේ! නම් මේ බිලෝගය ජනවාරි මාසයේ පිහිටු
වත් මෙතෙක් වනතුරුම ලිපියක් පලකිරිමට නොහැකිවුණි. මෙතැන් සිට අත්තර්ජාල මාදුකෘශ හා පරිගණික හා ජිවිතයට ප්‍රයෝජනවත් විය හැකි ලිපි පල කිරිමට බලාපොරොත්තු වන අතර මෙහි අඩුපාඩු හා අදහස් මෙන්ම චෝදනා ඉදිරිපත් කරතැයි බලාපොරොත්තු වෙමි. එමෙන්ම මෙහි ලිපි ලිවිය යුතු භාෂා ශෛලිය ගැන ඔබේ අදහස් අගයමි.

එමෙන්ම මෙම අඩවිය ආරම්භ කිරිමට ජනවාරි සිට මෙහි බැදුණු හා එකට අදහස් දැමු සියලු දෙනාටම ස්තුතියි.
***

3 comments:

GNS said...

එළ එළ! බින්කු අයියා.!!!

කෝ දැන් 'ඔයාගෙ' Street Pic එක?

අළුත් ‍බ්ලොගයටත් සුභ පැතුම්!

Narada said...

තාම මේ පැත්තට ඇවිත් නැහැ වගේ මලේ, ඒ හින්දා මම ඉන්න තැන පෙනන්න බැහැනේ දැනට.

Anonymous said...

අපොයි දැනුයි දැක්කේ! මටත් මඩ බාල්දියක් ගහලා නෙව :P
බ්ලොග් එක එළ!

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.