Kopete and Gtalk

Saturday, April 4, 2009
ඩනිෂ්ක අයියා කිව් Empathy එකත් බොහෝ දෙනෙක් පාවිච්චි කරන pidgin එකටත් වඩා මට ඇල්ලුවේ kopete එකයි. ඊට හේතුව ලෙස කියන්න පුළුවන් text chat සදහා එකේ තියෙන පහසුවයි. අනිත් දෙකට වඩා මම ප්‍රිය කරන ලක්ෂයක් තමා notification එක. කෙනෙක් online ආ විට දැනුවත් කරන අතරම කෙනෙක් කතා කල විට දන්වනවා වගේම answer or ignore ලෙස තෝර ගන්නත් පුළුවන්. කෙනෙක් online ආ විටදි වුවත් ලෙස 'chat' විකල්පයක් දෙනවා. එක වාසියක් වගේ තමා. නමුත් ඉස්සර මං වගේම ගොඩාක් දෙනෙක් මෙක පාවිච්චි කරන්නේ නැත්තේ මේකේ Gtalk වලට පාවිච්චි කල හැකි බවක් නොදකින නිසයි.
ImageHost.org
Pidgin , Kopete හා Empathy වල අනිත් මගේ මිතුරන් පෙන්වන අයුරු.
ImageHost.org

ඔන්න මගේ යාලුවෙක් කතා කරනවා.
ImageHost.org


Gtalk වල වලට සැකසුම් හදන හැටි.

මුලින් Applications> internet> instant messenger> kopete ගිහින් තෝරන්න.ඉන්පසුව එහි settings මෙනුවෙන් configure තෝරා මේconfigure පැනලය මතු කර ගන්න.
ImageHost.org
මේ පැනලයෙන් add account තෝරන්න.

එයිනුත් Jabber තෝරන්න.
ImageHost.org
ඉන්පසු Jabber ID එකේදි ඔබේ ලිපිනය ලබා දෙන්න. ලබා දීමේදී @gmail.com දානවා නම් තවත් හොඳයි.
මුර පදය සුරකින්නට දී එයද ලබා දෙන්න (ඇතැම් ලිනක්ස් වලදී මුරපදය සුරකිමට wallet එකේද මුර පදය ඉල්ලයි.)
එකට සියලු සැකසුම් සමඟ සම්බන්ධතා දෙන්නට
Exclude from connect all එක mark කරන්න.
ImageHost.org

ඉන්පසු Connetion ටැබය තෝරා මේ අගයන් ලබා දෙන්න:
Use protocol encryption (SSL), Allow plain-text password authentication, සහ Override default server information යන්නන්ට marks ලබා දී ලෙස ලබා දී port එකට 5223 අගය දෙන්න. ගුගලය විසින් 5222 ලෙස දුන්නද මේ අගය ලබා දිම සුදුසු වෙයි. firewall මගින් බධා පැමිණියොත් 433 ලෙසත් ලබා දෙන්න පුළුවන්.
ImageHost.org

Next ඔබා අවසන් කරන්න.

ඔයාලාගේ අදහස් ගැටලු කියන්න.

මේ ලිනක්ස් වල KDE පසුබිමය එක්ක සැකසු එකක්. එය KDE website මගින් ගන්නත් පුළුවන්. බොහෝ KDE ලිනක්ස් එක්ක ආවත් මෙය හොඳින් භාවිතා කරන්නට QCA library අවශ්‍ය වෙයි. එම ප්ලගීනය මෙතැනින් ලබා ගන්න පුළුවන්. kopete එකට අවශ්‍ය වෙන්නේ
qca-tls-1.0.tar.bz2 එකයි. සුසේ සමඟම QCA එන අතරම Kubuntu වල 7.04දි ආවත් 8.04 වලදි වෙනම දැමිය යුතු වෙයි. Fedora (core 4) Yum වල දී qca-tls ලෙස තියෙනවා. Kubuntu වලදි qca-tls ලෙසත් තියෙනවා.

මේ ගැන මම දැන ගත්තේද සුසේ වල ෆෝම් වලදියි.

2 comments:

ගයාන් කල්හාර said...

එල ඒල ඇත්තම කිව්වොත් නෝ කමෙන්ට්ස්..

සිරාවට බ්ලොග් එක එල.. අදනෙ දැක්කෙ..

සිරාම සිරා... මගේ බ්ලොග් එකටත් ආරාධිත සටහනක් ලියල ඕනෙ.. ඔන්න බෑ කියන්න බෑ. හොඳේ..

මාත් මේවගේ ලියන්ට පටන් ගන්න ඕනෙ. මගේ භාශාව හරි නෑ නොවෑ

චතුර වික්‍රමරත්න said...

අනේ මන්දා... මට නම් Kopete දිරෙව්වෙ නෑ... Gtalk එක නම් මම හදාගත්තා... ඒ උනාට OpenSUSE දාලා වැඩි වෙලා යන්න කළින් මම ඒකට Pidgin ම දාගත්තා... ඒක මට හොඳයි... බලන්න ඕනා මේ Empathy එකත් දාලා...

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.