වින්ඩොස් යෙදුම් ලිනක්ස් මත ධාවනය

Monday, April 6, 2009

වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වීම අපහසු යයි සිතන්නේ එක්වරම අපට හුරු පුරුදු යෙදුම් සියල්ල අත්හැර නුහුරු නුපුරුදු යෙදුම් පරිහරණයට සිදුවීම නිසාය.
මේ සඳහා වයින් නම් යෙදුමක් අවශ්‍ය වේ.
මා මෙය අත්හදා බැලුවේ ෆෙඩෝරා 10 වන වෙලුමත් සමගයි.

මුලින්ම අග්‍රය වෙත ගොස් su ලෙස සඳහන් කර root සඳහා මුරපදය ලබාදෙන්න

දැන් yum install wine ලෙස යතුරු ලියනය කර Enter යතුර ඔබන්න.
මෙය ස්ථාපනය වූවාට පසු යෙදුම් වලට wine නම් අලුත් ගොනුවක් එක් වී ඇත.


දැන් වින්ඩෝස් යෙදුම් ලිනක්ස් මත ධාවනයට සියලු කටයුතු සූදානම් කර අවසන්.
ඊලගට ඔබට යෙදුම්-->wine-->wine file වෙත ගොස් ඔබට ස්ථාපනය කිරීමට අවශය යෙදුමේ installation file එක සොයා එය මත double click කිරීම හෝ අදාල installation file එක අඩංගු වන ස්ථානයට ගොස් එය ධාවනය කිරීම හෝ කරන්ත

එවිට වින්ඩෝස් වලදී මෙන්ම ස්ථාපනය වනු දැකිය හැක.

Desktop shortcut වලින් හෝ යෙදුම්-->wine-->Programs--> අදාල යෙදුම ධාවනය කිරීම මගින ඔබට ලිනක්ස් මත වින්ඩෝස් වලදී මෙන්ම යෙදුම භාවිත කල හැක.

Wine පිලිබදව වැඩිවිස්තර
වෙනත් වෙලුම් සඳහා ස්ථාපනය සඳහා


යෙදුම් == Application
වෙලුම == Version

----
ගයාන් තාරක


8 comments:

බුද්ධික said...

නියමයි....මම 2003 ඉදන් වයින් බොනචා.....ඒ උනාට දැන් වයින් ඉස්සරට වඩා ගොඩක්ම රහයී :P

budhajeewa said...

ෆොටෝෂොප් තියනකං, ජීවිතේ වයින් !

Gayan Tharaka said...

මමත් වයින් බොන්න පටන්ගත්තෙ FC6 එක්ක ඒ දවස් වල කරපුවැඩ තවමත් මතකයි.

Narada said...

මාත් වයින් බොන්න අරන් ටිකක් කල්, එහෙත් මට එක එළ වින්ඩොස් වලට වඩා. අනික වෛරස් බය නැහැ එක්ක. එක අල වුණොත් ෆෝමැට් කට්ට කන්න වෙන්නේත් නැහැ. මම පාවිච්චි කරන ලිනක්ස් පද්ධතියත් වින්ඩෝස් පද්ධතියේ පෙනුමට වගේ හදපු එකක්නේ (සුසේ.), ඉතිං වයින් බොන එක ලේසි වැඩක්.

Gayan Tharaka said...

පෙනුම වින්ඩෝස් වගේ උනාට වැඩ ඊටත් එ‍හා නේ. කට්ටියම එහෙනම් වයින් රස බලන්නකෝ.

Narada said...

ඔව් එක ඇත්ත තමා, කොකත් ලිනක්ස් පවුලේ සාමාජිකයෙක් නිසා මිනිහා බේද්දෙක් වෙලා ඉන්නේ වයින් වලට. එළ එළ, අපිත් වයින් ස්ටෝරියක් දාමු. ලඟදිම අපේ පිස්සාත් දේවි වයින් බාල්දි ගනන්!

Bunny said...

වාව්.. මරු මරු අපිත් වයින් බොනෝ!!!

Anonymous said...

මම නම් Win32 binaries වලට යන්නෙ Open Source ආදේශකයක් හොයාගන්න බැරි ම වුණොත් විතරයි.

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.