Puppy Linux ගැන අහලා තියෙනවද?

Monday, April 13, 2009


puppy linux කියන්නේ එච්චරම ප්‍රචලිත linux distro එකක් නෙවෙයි. බොහොම සීමිත පිරිසක් විතරයි දන්නේ. ගොඩක් දෙනාට linux කිව්වම මතක්‍ වෙන්නේ Ubuntu, Suse, ‍Fedora වගේ සීමිත linux ප්‍රභේද කිහිපයක් විතරනේ. ඒත් තවත් linux distro's 200ක් විතර තියෙනවා. ඒ හැම එකකටම අනන්‍යවු ලක්ෂණ තියෙනවා. ඒවගේම පොදු ලක්ෂණත් තියෙනවා. puppy linux කියන්නෙත් ඒවගේ linux ප්‍රභේදයක්. මේකේ විශේෂතා කිහිපයක්ම තියෙන නිසයි බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුවේ. puppy භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. Live CD/DVD, සහ external hard disk, pen drives ඕන නම් තමං භාවිතා කරන දෘඩ තැටියටම ස්තාපනය කරන්න පුළුවන්.
1. බොහෝ නිකුතුවන් 100MBට අඩු ‍ලෙස පැවතීම. අලුත්ම නිකුතුව 4.2 හරියටම 100MB කි.
2. වේගවත් ලෙස පරිගණකය පණගැන්විය හැකිවීම. Live CD එකක් උනත් windows වලට වඩා ගොඩක් ඉක්මනට boot වෙනවා. ගොඩක් වෙලාවට තත්පර 30ක් ඇතුලත boot කරන්න පුළුවන්.
3. Audio/Video CODECs බොහොමයක් පෙරනිමියෙන්ම අන්තර්ගත වීම.
4. pen drive එකක වූවද ස්තාපනය කරගත හැකිවීම.
5. User friendly බව හා සරල බව.
6. ධාවනය වන්නේ සම්පූර්ණයෙන්ම RAM එකෙන් නිසා ඉතා වේගවත් වීම. පැරණි පරිගණක වල වුවද ඉතා හොඳින් ධාවනයවේ.
7. Live CD එකෙන් පණ ගැන්වූ පසු CD එක ඉවතට ගත හැකි බැවින් CD ධාවකය වෙනත් කාර්යක් සඳහා නිදහස් කරගත හැකිවීම.
8. එක්වරක් භාවිතා කර පරිගණකය ක්‍රියා විරහිත කිරීමේදී සකස් කරගන්නා ලද settings එකතු කරගන්නා packages ආදිය අපගේ දෘඩතැටි‍යේ NTFS ඉඩක උවද save කර පසුව භාවිතා කල හැකිවීම. මෙය සියලු ආකාරයේ puppy linux සඳහා පොදුය(Live CD,DVD,USB). අවශ්‍ය නම් CD තැටියේම හෝ DVD තැටියේම උවද මෙම save කරගත හැකිය.
මෙකේ flash player එකවත් අපිට අමුතුවෙන් දාන්න දෙයක් නෑ. gparted ත් පෙරනිමියෙන්ම තියෙන නිසා හදිස්සියට ubuntu live එකක් පාවිච්චි කරලා partition කරනවා වෙනුවට puppyට කියල කරන්න පුළුවන්. වැඩේ ඉක්මනටත් කරන්න පුළුවන්. මේ සටහන ලියන කොටයි දැක්කේ අලුත් version එකක් ඇවිත් කියලා 4.2 කියලා. මේ දැන් බාගත කරන්න දැම්මා. කලින් තිබ්බ version වලටත් වැ‍ඩිය UI එක ලස්සනයි වගේ.
pen drive සඳහා install කරගැනීමට live CD එක මුලින් ලබාගෙන. එහි ඇති puppy universal installer මගින් install කරගන්න පුළුවන්. pen එක මුලින් හිස් කරන්න ඕන. puppy දැම්මට පස්සේ නම් එයාගේ file delete කරන්නේ නැතිව ඕන වැඩක් pen එකෙන් ගත්තට puppyයා තරහවෙන්නේ නෑ. ආ තව එකක් puppy දාන්න කියලා ext2-ext3-ext4 සංකීර්ණ ප්ලෑන් ඕන නෑ. කෙලින්ම fat එකෙන් දුවනවා. කෙටියෙන්ම කිව්වොත් puppy දැම්මට windows වල කටයුතු සඳහා pen එක භාවිතා කරන්න බාධාවක් නෑ.
මෙතැනින් බාගත කරගන්න.
CD එකක් write කරන්න ලෝභයි වගේනම් virtual machine එකකට දාලා USB version එකක් හදාගන්න පුළුවන්.



ලිව්වේ පහන්

10 comments:

අනූ said...

මම කලින් පාරක් මේක දාන්න උත්සාහ කලා. ඒත් හරි ගියේ නෑ. ආයි වතාවක් ට්‍රයි කරලා බලනවා. ලින්ක් එකට බොහොම ස්තූතියි..

Anonymous said...

බොහොම ස්තුතියි!
මේ වගේ තොරතුරු තව තවත් පල කරන්න!

ශාකුන්තල | Shaakunthala said...

ඔය අට වෙනි කරුණ අපි මෙහෙම කියමු. සැසිය (session) කැමති මාධ්‍යයක සුරකින්න පුළුවන්.
සමස්තයක් වශයෙන්, Puppy Linux හොඳයි වැඩ අධික, ඒ වගේම නිතර ගමන් වල යෙදෙන කෙනෙකුට (portable නිසා).

ගයාන් කල්හාර said...

මාත් යූස් කරන්නෙ මේක තමයි... ඉස්සර නම් DSL (DAMN SMALL LINUX) වැඩ කලා. ඒක ටිකක් අවුල් හින්ඳ මේකට මාරු උනා.අලුත්ම වර්ශන් එක එල ලු බාන්න නම් බැරි උනා. මම කැෆේ එකකට ගියත් මේක තමයි යූස් කරන්නෙ. ඩේට වලට එක පෙන් එකකුත්. සිස්ටම් එකට එකකුත් තමයි ගෙනියන්නෙ..

එල පෝස්ට් එක

Unknown said...

මොඩම් එක පපියා එක්ක වැඩ වගේ නේද? ම්ම් මටත් දාලා බලන්න හිතෙනවා. කොහෙද මගෙ මොඩම් එකේ data bundle එක ඉවර වෙලානේ. ආයෙ 20 කැම්පස් ගිය ගමන් බාගන්න ඕන.

Pahan said...

@ සුසිත
මොඩම් එක එලකිරිවගේ වැඩ.‍ මොඩම් වැඩකරවන හැටි ගැන වෙන පෝස්ට් එකක් දාන්නම්.

Pahan said...

puplets කියලා puppy linux වලත් ප්‍රභේද තියෙනවා.ඒ ගොඩක් ඒවා 100MB ට වඩා වැඩියි.
@ අනූ & anonymous
ස්තුතියි.
@ ගයාන්
desktop එකේ දකුණු පැත්තට පොඩි කෑල්ලක් ඇවිල්ලා.(sidebar එකක් වගේ එකක්) බලුපැටුව්න්ගේ රූපත් අයින් කරලා. boot වෙන කොට බුරන බලුපැටියගේ සද්දෙත් අයින් කරලා. DSL වල නැති user friendly බව නම් puppy linux වල නම් තියෙනවා.

budhajeewa said...

මෙය ස්ථාපනය කරන්න පෙන් එකේ කොච්චර ඉඩ ඕන ද ?

Pahan said...

@ සුපුන්
100MB ප්‍රමාණවත්. ඊට අමතරව sessions save කිරීම සඳහා 32MB සිට 512MB පමණ ඉඩක් වෙන්න කරන්න පුළුවන් අභිමත පරිදි.(ඒක අනිවාර්ය නැහැ)

අනූ said...

මේක මරු මම දාලා බැලුවා. ඇත්තමට හරි ෂෝක්.

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.