දැන් ඊමේල් පණිවුඩය තුල ඡායාරූප ඇතුලත් කරන්නත් පුලුවන්

Friday, April 10, 2009
මෙතෙක් කල් ගූග්ල් සමාගම විසින් කෙලින්ම සහයෝගය නොදැක්වූ පහසුකමක් දැන් Gmail හි ලබාදී තිබෙනවා. ඒ තමයි ඊමේල් පණිවුඩය තුල ඡායාරූප අන්තර්ගත කිරීම. (මෙතෙක් කල් මෙය කල හැකි වූයේ ඡායාරූපය වෙනම host කර ලිපිය වෙත drag කර දැමීමෙන් පමණයි)

මෙය Gmail හි Labs feature එකක්. එනම් තවමත් වැඩිදියුණු කිරීම් කරමින් පවතින එකක්. එහෙත් මෙය ඉතා හොඳින් ක්‍රියා කරනවා.

මෙය සක්‍රිය කර ගැනීමට ඔබේ Gmail වින්ඩෝවේ Labs ටැබ් එකට යන්න (මෙය වින්ඩෝවේ ඉහල දකුණු පස කොළ පැහැති බීකරයක ලකුණකින් දැක්වෙයි). එහි "Inserting Images" නැමති යෙදුම තෝරා එය Enable කරන්න.

දැන් නැවත inbox වෙත ගොස් අලුත් ලිපියක් ලියන්නට යාමේදී එහි අයිකන තීරයේ නව අයිකනයක් දැකගත හැකිවෙයි.

මෙය ක්ලික් කිරීම මගින් ඔබේ පරිගණකයේ ඇති ඡායාරූපයක් හෝ වෙනත් URL එකක් මගින් ඊමේල් ලිපියට ඡායාරූපයක් එකතු කර ගත හැකිවනු ඇති. එය attachment එකක ආකාරයෙන් නොව ලිපියේ පේලි අතර (inline) රුවාගත හැකිවේවි.


7 comments:

පොතේ ගුරා said...

එළ මචන්..හ‍රිම වටින ලිපියක්..

ශාකුන්තල | Shaakunthala said...

Thunderbird හෝ එවැනි මෘදුකාංගයකින් මෙය කරන්න පුළුවන්. මම මෙතෙක් පාවිච්චි කළේ ඒ විධියට.

උන්මත්තක said...

thunderbird පාවිච්චි කරලා මමනම් යවන්නේ. clipboard එකෙන් කෙලින්ම උනත් ‍paste කරන්න පුළුවන්. ඔය ක්‍රමේ නම් දැනං හිටියේ නෑ.

Indranama said...

ඔව්, Thunderbird/Outlook/Windows Mail වැනි මේල් ක්ලයන්ටයක් භාවිතයෙන් මෙය පහසුවෙන්ම කරගන්න පුලුවන්. මමත් භාවිතා කරන්නේ ඒ ක්‍රමය.

මේ සදහන් වන්නේ වෙබ් අතුරුමුහුණත පමණක් භාවිතා කරන්නන්ට ඒ පහසුකම ලැබී ඇති ආකාරයයි.

Narada said...

ඔව්, මාත් Thunderbird පාවිච්චි කලේ මෙතෙක්කල්. Webinterface LAB එකෙන් Youtube, Filcr, Picasa වැනි එවායේ Link වල ඇති ඒවායේ Preview එකකුත් බලා ගන්න පුළුවන්නේ. එකත් වටිනා පහසුකමක්.

GNS said...

අපි ඉතින් සැමදා POP (or IMAP) නේ...

ස්තුතියි tip එකට. හදිස්සියකට ඕනෙ උනොත්... :)

somebody-anybody said...

Google Labs ව‍රක් හාවිත ක‍රල තිබුනෙ නැත්නම් අර කොල පාට බීක‍රේ පේන්නෙ නෑ.
එතකොට Settings ---> Labs ---> Inserting Images
යන්න වෙනවා...

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.