Puppy හොඳ නැද්ද? මෙන්න Slax Linux

Tuesday, April 14, 2009
පහුගිය පෝස්ට් එකේ පහන් හොඳ ලිනක්ස් ඩිස්ට්‍රො එකක් හඳුන්වලා දුන්නා, Puppy Linux. ඒකෙ විශේෂත්වය තමයි පෝටබල් වීම. (USB පෙන් එකකටත් දාන්න පුලුවං). මමත් පහන් කියපු නිසා ඕක ඩවුන්ලෝඩ් කරගත්තත් මට නං ඒක වැඩිය දිරෙව්වෙ නෑ. ඉතිං මේ බව මම GTalk ස්ටේටස් එකේ දාලා තිබ්බාම අපේ අකිල දක්ෂිණ සහෝදරයා මට හඳුන්වල දුන්නා තවත් පෝටබල් ලිනක්ස් ඩිස්ට්‍රො එකක්. ඒ තමයි SLAX.

මේක Slackware මූලාශ්‍ර කරගෙන හදපු එකක්. Gnome පාරිසරිකය නම් නෑ. KDE විතරයි.




කොහොමද? ලස්සනයි නේද බලු පැටවුන්ට වඩා?

මේකෙ විශේෂ විශේෂාංග ගොඩක් තියෙනවා.
  • මෙය ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය නැහැ.
  • ලයිව් සීඩී එක වෙනමත් පෙන් සඳහා අනුවාදය වෙනමත් ලබාගන්න පුලුවන්.
  • මෙය component based විදියට නිපදවා ඇති නිසා අමතර මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීමකින් තොරව නිකන්ම copy කිරීමෙන් ක්‍රියා කරනවා

හොඳම විශේෂාංගය දැන්.
  • තමන්ට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් පමණක් අඩවියේදී තෝරා ඒවා පමණක් අඩංගු ISO හෝ TAR එකක් ලබාගන්නට පුලුවන් !

මූලික මෘදුකාංග සමග මුලු මෙහෙයුම් පද්ධතියම 190MB ප්‍රමාණයක් පමණයි ! (අමතර මොඩියුල එක් කිරීමෙන් ප්‍රමාණය විශාල වේ)

වැදගත්: මෙය හාඩ් ඩිස්ක් එකක ඉන්ස්ටෝල් කිරීමට සැකසූ ඩිස්ට්‍රො එකක් නෙමෙයි. පෝටබල් ආකාරයට වැඩ කිරීමට සැකසූ එකක්. ලයිව් සීඩී එකක හෝ පෙන් එකක දාගත හැකියි. පසුව අමතර ප්‍රෝග්‍රෑම් දාන්න ඕනෙනම් පෙන් එකක දාන එක තමයි සුදුසු. ලිනක්ස් වැඩ කෑලි දන්න කෙනෙකුට නම් ඕනෙ නං ජිල්මාට් එකක් දාලා මේක හාඩ් ඩිස්ක් එකකට උනත් දාගන්න උත්සාහ කරලා බලන්න.

මෙන්න ගිහින් බලන්න SLAX අඩවියට
එතනින් ඔබට කැමති ආකාරයකට මේක customize කර ලබා ගන්න පුලුවන්.

5 comments:

Pahan said...

slack වැඩ කරන්නේ සම්පුර්ණයෙන් OS එක RAM තියා‍ගෙන නෙවෙයි. ඒනිසා ටිකක් slow. CD rom එක වෙනත් වැඩකට යොදාගන්නත් බෑ. 190MB යනවා පෙන් එකට දාගන්නවා නම් portable OS එකක් වශයෙන් මේ දෙකම හොඳයි. ලස්සන ඕන නම් Slax.

Indranama said...

සම්පූර්ණයෙන් RAM එකට පිටපත් වී ක්‍රියා කරන පහසුකම Slax හි තිබෙනවා. RAM එකෙන් ~300MB පමණ අවශ්‍යවේවි.
මේ ක්‍රමයේදී CD ROM එක නිදහස් කර ගත හැකියි.

Pahan said...

අහ් මම ‍ඒ option ඒක ගැන දැනං හිටියේ නෑ. download කරන එක තමයි අවුල දන්නෙම නැතුව FUP පැනලා 64Kbps වලටම අඩුවෙලා ඉන්නේ.

Indranama said...

මෙන්න මගේ පෙන් එකේ එය පිහිටුවා රන් කිරීමේදී දක්නට ලැබුනු ආකාරය
රූපය 1රූපය 2උබුන්ටු මෙන් නොව සිංහල යුනිකෝඩ් අකුරක් පමණක් දැමූ සැනින් හොඳින් render වෙයි. සිංහල යතුරු ලිවීමට ඇති ක්‍රමය නම් ‍ඔලුව විකාර කරවයි.

somebody-anybody said...

සංයුක්ත තැටි ලියන්නත් පුලුවන්ලු කෙලින්ම (CD burning)
මම අවුරුඩු 2,3කට කලින්, Mandrake එකෙනුයි Knoppix එකෙනුයි CD Write ක‍රන්න හදුව, බැරි උනා. මොකුත් උනේ නෑ.
ඊට පස්සෙ හිතුවෙ වත් නෑ :)

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.