Ubuntu මත Adobe Air ස්ථාපනය කරගන්නා ආකාරය

Saturday, May 2, 2009
Air (Adobe Integrated Runtime) ගැන අහලා ඇතිනේ. එය Adobe සමාගම විසින් නිපදවපු application runtime එකක්. ඒ කියන්නේ ඇතැම් application තියෙනවා, ඒවා run වීමට නම් Adobe Air අවශ්‍යයි. මෙහි විශේෂ වාසිය තමා Java මෙන්ම platform independent වීම. එකම air application එක වින්ඩෝස් මත හෝ ලිනක්ස් මත හෝ මැක් මත භාවිත කරන්න පුලුවන් Air runtime එක තියෙනවානම්. (Air ගැන වැඩිදුර දැනගන්න මෙතනින්)

මේ කියන්න යන්නේ උබුන්ටු මත air ස්ථාපනය කරන ආකාරයයි. මොකද Adobe සමාගමෙන් .deb පැකේජයක් ලබා දෙන්නේ නෑ.

1. මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න
http://airdownload.adobe.com/air/lin/download/1.5/AdobeAIRInstaller.bin

2. Terminal එකක් ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් වූ ෆයිල් එක ඇති ස්ථානයට යන්න

3. පිලිවෙලින් මෙම command 2 දෙන්න
chmod +x AdobeAIRInstaller.bin
sudo ./AdobeAIRInstaller.bin

දැන් වින්ඩෝස් වල පුරුදු ආකාරයේ setup installer එකක් ලැබේවි. එමගින් පහසුවෙන්ම air ස්ථාපනය කරගත හැකියි.

දැන් ඔබට යම් air application එකක් (.air file) ලැබුණ විට එය ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගත හැකියි.


----
ප්‍රවීන් ඉන්ද්‍රනාම

5 comments:

Narada said...

එක වැදගත් මාදුකෘශයක් වෙනවා නියතයි, දැනුතු twhirl වගේ ඒවා දුවන්නේත් මෙකෙන්. ලිනක්ස් මැක් වින්ඩොස් වල දුවන ඒවා එනනත් බැරි නෑ.

Anonymous said...

Good blog. Anyway, Air was there from 2007 !

http://lmpeiris.wordpress.com/2009/05/01/the-mystery-of-airpress-what-happened-to-the-best-wordpress-desktop-client/

kesh said...

ඔව්..මට හිතෙන විදියට Adobe AIR ඉදිරියට ලොකු විප්ලවයක් කරයි.ඇත්තතමයි ඒක ආවෙ 2007 ඒත් තාම ලංකාව තුළ එච්චර ප්‍රසිද්ධියක් නෑ.Flex නම් දැං ටිකක් ටිකක් ප්‍රසිද්ද වේගන එනව.මොනා උනත් ලෙහෙසියෙන්ම ලොකු වැඩ කරන්න පුළුවන් framework එකක් තමයි. Adobe Flex කියන්නෙ.

Unknown said...

ස්තුතියි

Madhuka said...

හොද වැඩක්.....
You one work fine THX.
In the Properties of bin file window navigate to the ‘Permissions’ tab and check the ‘Allow executing file as program’ option.

http://madhukaudantha.blogspot.com/2009/11/installing-adobe-air-in-linux-ubuntu.html

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.