නමුත්, නූතන Ubuntu සංස්කරණ වලදීත් (මගේ මතකයේ හැටියට Gusty Gibbon සිට මේ දක්වා) මෙසේ Recovery Mode භාවිතයෙන් ක්‍රියාරම්භ කළ විට පරිශීලකට root shell වෙත යාමට හැකියි. නමුත් නූතන සංස්කරණ වල මෙම ක්‍රියාවේදී root හි මුරපදය විමසීමක් සිදු වන්නේ නැහැ.
මෙසේ කරන්නට ඇත්තේ සමහර විට පරිශීලකගේ පහසුව තකා වෙන්නට පුළුවනි. එහෙත්, මට හැඟෙන විධියට මෙය Ubuntu වල ලොකු අනාරක්ෂිත තැනක්. ඒ root විධියට පරිගණකයට පිවිසෙන්නාට පරිගණකය තුළ ලොකු බලයක් ලැබෙන නිසා යි.
මෙම ආරක්ෂක සිදුර වසා දැමීමට මම අනුගමනය කළේ පහත දැක්වෙන ක්‍රමයයි.
1. BIOS වෙත ගොස්, පරිගණකය ක්‍රියාරම්භ වීමේදී ක්‍රියාරම්භ මාධ්‍යය (boot medium) තෝරා ගත හැකි පහසුකම අවලංගු කරන්න.
2. BIOS වෙත supervisor password එකක් යොදන්න. වෙනත් කෙනෙකු සංගත තැටියක් භාවිත කර අනවසරයෙන් ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට ඇති ඉඩ මින් වැළකෙයි.
3. root ලෙස පරිගණකයට පිවිසී root ට මුරපදයක් යොදන්න.
# passwd root
4. /boot/grub/menu.lst ගොනුව පහත දැක්වෙන පරිදි සංස්කරණය කරන්න.
# vim /boot/grub/menu.lst
දැන් එම ගොනුවේ පහත දක්වා ඇති යොමුව සොයාගෙන එම යොමුවට අදාළ සෑම පේළියකම මුල # ලකුණ යතුරුලියනය කරන්න.
#title Ubuntu, kernel 2.6.xx-xx-generic (recovery mode)
#root (hdx,x)
#kernel /boot/vmlinuz-2.6.xx-xx-generic root=/dev/sdxx ro single
#initrd /boot/initrd.img-2.6.xx-xx-generic
#boot
දැන් එක් වරක් Esc යතුර ඔබා
:wq
යතුරුලියනය කිරීම මගින් vim ගොනු සංස්කරණ යෙදුමෙන් ඉවත් වෙන්න.දැන් Recovery Mode විකල්පය ක්‍රියාරම්භ මෙනුවෙන් ඉවත් වී ඇති. ඔබේ පරිගණකයට කිසිවෙක් අනවසරයෙන් පිවිසීමට ඇති එක් මඟක් මෙයින් ඇහිරී යයි.
මීට වඩා හොඳ ක්‍රමයක් දන්නවනම් ප්‍රතිචාරයක් තබා යන්නට පාඨක ඔබට පුළුවනි. :)
---
~ ශාකුන්තල
5 comments:
මනුස්සයෝ... GRUB එකෙන් Recovery mode එක අයින් කළාම හදිස්සියකදි Recovery mode එකට යන්නෙ කොහොමද? අනිත් ඒවා ගැන නම් මමත් එකඟයි.
මේ දැන් ෆෙඩෝරා රිකවරි එකේ ඉන්න ගමන්. ඒකෙත් හැබයි රූට්ගෙ රහස්පදය විමසීමක් කලේ නෑ.
ගොඩක් Live Distro වලින් Console එකෙදි root log වෙන්න පුලුවන්. ඒකට කරන්න ඕනේ encrypted file system එකක් තියාගන්න එක.
@chathuraw,
ඒකට තමයි Live CD තියෙන්නෙ.
@ගයාන් තාරක,
ෆෙඩෝරා ස්ථාපනය කරද්දි Recovery Mode වලට entry එකක් ඉබේම එන්නෙ නැහැනෙ.
@Kasun Chathuranga,
ඔව්.. ඒකත් කරන්න පුළුවන්.
හපෝයි පැණි වරකා ගහටත් හෙණ ගැහුවද?
Post a Comment
ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.