Limewire පාවිච්චි කරනවාද? එහෙනම් මේක කියවන්න. .

Wednesday, September 23, 2009

ඉංගිරිසි සිංදුවක් හොයාගන්න ඕනෙ උනොත් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක තමයි LimeWire. මේ කියන්න යන්නේ ඒක පාවිච්චි කරනකොට මට හැමදාමත් දකින්න ලැබෙන දෙයක් ගැන.

මේ රූපය දිහා බලන්න. (ක්ලික් කලාම ලොකු කරලා බලන්න පුලුවන්) මම search කරනවා westlife ගායක කණ්ඩායමේ Soledad කියන ගීතය. මම search කරන්න keyword විදියට දුන්නේ “soledad westlife” යනුවෙන් capital කිරීමක් හෝ නැතුව. මේ රූපයේ තියෙන්නෙ මුල් විනාඩියෙදි විතර ආපු ප්‍රතිඵල.

බලන්න ප්‍රතිඵල 6ක් තියෙනවා, mp3 හෝ wma වර්ග වලින්. හොඳින් බැලුවොත් පෙනේවි bitrate හා length පෙන්වා ඇත්තේ ඉන් එකක පමණක් බව. සිංදු ෆයිල් එකක bitrate, length අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නේද? ඒ වගේම බලන්න එකක් ඇර අනික් ෆයිල් 4කම නම ඇත්තේ මම search keyword එක දීපු විදියටමයි. හරිම පුදුමයි නේද?

මතක තියාගන්න මේ විදියට bitrate, length නැතුව එන්නේ වෛයිරස් බව. මුල් කාලෙ මමත් දන්නෙ නැතුව දැක්ක ගමන් ඕව download කරා. පාඩං ඉගෙනගෙනම දැන් මේව දකිනකොටම දන්නවා :D මේ වෛරස නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි අපේ search keyword වලින්ම පෙන්වීම. එතකොට අපි රැවටිලා download කරනවනේ. ඒ නිසා කවදාවත් මේකෙ search කරනකොට “Westlife – Soledad” වගේ formal විදියට දෙන්න එපා. ඔක්කොම simple වලින් ගහන්න. එතකොට අඳුනාගන්න පහසු වේවි අනවශ්‍ය දේවල්. bitrate, length නැති audio file නං වැරදිලාවත් බාන්න එපා.

(මවිසින් කලකට පෙර ලියන ලද පැරණි ලිපියකි)
--
ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

4 comments:

Narada said...

Ares, DC++ වගේ ඒවායේ මෙහෙමවත් පෙන්වන්නේ නෑ, ඒවායේ පෙන්වන්නේ Size හා File Type විතරයි. ඒක තවත් භයානක තත්වයක්.

කෙසේ වුවත් තමත්ගේ Peer to Peer මාදුකෘශවලට තම Antivirus ඒක Ingrate කර හෝ ඒ ගොණු භාගත කරන්නට වෙනත ෆොල්ඩරයක් තනලා ඒකට Antivirus එකේහි (ඇතැම් ඒවාට විතරයි) සුවිශේෂිතව පරික්ෂා කරන්න දාන්න. අනික Folder Options වල File Type පෙන්වන ලෙස සැකසීමත් වඩා යෝග්‍යයි.

Anonymous said...

mp3raid.com එකට යන්න.

අනූ said...

mp3raid.com එකේ ඕන මගුලක් තියනවා.
LimeWire කියන්නෙ වයිරස් ලෝකයක්

Unknown said...

@ everybody
Limewire හරියට පාවිච්චි කරනවානම් කිසි ප්‍රශ්ණයක් නෑ. මම ඉස්සර ඉඳලාම p2p software පාවිච්චි කරනවා. emule, morpheus, napster, amule ඒත් limewire තාම පාවිච්චි කරනවා. මං පාවිච්චි කරන්නේ Linux version එක.

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.