කොම්පුටරේ කෑලි ටික

Sunday, September 27, 2009
මුලින්ම කියන්නම්කො පරිගණකයක් කියන්නේ මොකක්ද කියල.

සරලවම කියනවනම් පරිගණකයක් කියන්නේ විදුලියෙන් වැඩ කරන යන්ත්‍රයක්. එයට දෙන ලද උපදෙස් අනුව තමයි වැඩකරන්නේ. දත්ත අතුලත් කරාම දීල තියෙන උපදෙස් වලට අනුව ඒව සකසල තොරතුරු ලබාදෙන්න පුලුවන් දෙයක්.

පරිගණකයක ඇති කොටස් මෙහෙම වර්ග කරන්න පුලුවන්
1. ආදාන උපකරණ (input devices)
2. ප්‍රතිදාන උපකරණ (output devices)
3. සැකසුම් උපකරණ (processing devices)
4. දත්ත ගබඩා කිරීමේ උපකරණ (storage devices)


අද බලමු කොම්පුටරේ දැක්ක ගමන් පේන්න තියෙන කෑලි ටික. මේ පහල තියෙන පින්තූරෙ බලන්නකෝ.

පින්තූරෙ ගත්තෙ නම් මෙතනින් http://arssupercomputer.org/images/


Screen -(Display/Monitor කියලත් කියනවා) දැක්ක ගමන් පේන්න තියෙන්නේ මොනිටර‍යනේ. මේක පරිගණකයේ කොටසක් විතරයි. මේකෙන් කරන්නේ අපට කරන දේවල් පෙන්නන එක.
ඒ කියන්නේ ප්‍රතිදාන උපකරණයක් (Output Device)

System Unit - මේකෙ තමයි පරිගණකයක් වැඩකරන්න අවශ්‍ය කොටස් ටික තියෙන්නේ. පරිගණකයේ මොලය කියල හදුන්වන මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit -CPU), පාලන ඒකකය, මූලික දත්ත ගබඩා උපකරණ තියෙන්නෙත් මේක ඇතුලෙ තමයි. සමහරු මේකට CPU කියල කියනවත් අහල ඇතිනේ. නමුත් CPU එක System Unit එක ඇතුලෙ තියෙන එක‍ කොටසක් විතරයි. ඒක නිසා මේක පද්ධති ඒකකය (System Unit) කියන එක තමයි වඩා නිවැරදි. (ඇතුලෙ කොටස් ටික පසුව කතා කරමු.)

KeyBoard - යතුරු පුවරුව ටයිප් රයිටර් එක වගේම යතුරු පිහිටල තියෙන මේකෙන් කරන්නේ පරිගණකයට ආදාන සපයන එක. ඒ කියන්නේ අපට පුලුවන් යතුරු පුවරුවෙන් පරිගණකයට දත්ත ඇතුලත් කරන්න. මේක ආදාන උපකරණයක් (Input Device)

Mouse - මූසිකය :D මේ මීයත් දත්ත ඇතුලත් කරන්න තමයි පාවිච්චි කරන්නේ. නිතරම වැඩ කරන කෙනාගේ අතට හිරවෙලා ඉන්නේ. මේක pointing device ගොඩට දාන්න පුලුවන්. ‍pointing device කියන්නේ ආදාන උපකරණ වලින් එක කොටසකට. Mouse Pointer එක එහාමෙහා කරන්න වගේම විධාන දෙන්නත් මේක භාවත කරනවා. ඒක නිසා මේකත් ආදාන උපකරණයක් (Input Device) වෙනවා.

Speakers - ශබ්දය නිකුත් කරන්න භාවිතා කරන්නේ මේක තමයි. ඔයාල සිංදු අහන කොට ඇහෙන්නෙ මේව තුලින්. ඉතිං මේක ප්‍රතිදාන උපකරණයක් වෙනවා.

Microphone - ශබ්දය පරිගණකයට ඇතුලත් කරන්න උපකාරී වෙනවා. එතකොට මේක වැටෙන්නෙත් ආදාන උපකරණ ගොඩට.

මේ මූලිකම කොටස් ටික. මීට අමතරව ආදාන ප්‍රතිදාන උපකරණ තව තියෙනවා. බලන්න ඔයාලට වර්ග කරගන්න පුලුවන්ද කියල.

6 comments:

said...

එළ එළ
හොඳ වැඩක්
දන්න අය හිතයි මේ මොනාද කියලා ඒත් මේ ටික නොදන්න අයත් ඉන්නවා

Narada said...

මෙතෙක් කාටවත් ලියන්න කල්පනා නොවුණු ඒත් අගනාතම ලිපියක්, මෙසේ ගියොත් තම දරුවාට දැරියට සිංහලෙන්ම "කොම්පුටරේ" ගැන කියා දෙන්නත් බිලොග් හා අත්තර්ජාලය භාවිතා කිරිමට හැකිවනු නිසැකයි!

ස්තුතියි මිත්‍රයා, අපි මේ පාඩම් මාලාව කර ගෙන යමු. ඔබ කාටත් වැදගත් හා ආදර්ශාත්මක වැඩක් කරලා තියෙනවා.

Travel Ceylon said...

ඔව් ඔව් හුඟ දෙනෙක් කොම්පියුටරේ කියල හිතන් ඉන්නෙ මොනිටරේට

Gayan Tharaka said...

@ම
බොහොම ස්තූතියි. ඒගැනත් හිතල තමයි ලිපිය ලිවුවේ.

@-බිன்ku-
අනිවාර්යයෙන්ම. කොම්පු‍ටරේ වැ‍ඩ කරන්න කලින් ඒක ගැන දැනගන්න ඕනනේ :D. කරගෙන යමු දිගටම. අපේ කතුවරුන්ගේ සහයෝගය ලැබෙයිනේ.

@තාරක සමරණායක
:D තවමත් System Unit එකට CPU කියන අය ඉන්නවනේ. ඒකෙන් තමයි අදහස ආවේ.

Namaldanushka said...

Ela ela

Anushka Notes said...

එල... නියමයි ! අපේ පුල් සපෝට් එක :D

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.