වින්ඩොස් විස්ටා සදහා:
විස්ටාහි මේ ක්‍රමය අක්‍රිය වීමට හේතු වන්නේ Disk Cleanup හිදි Hibernation File Cleaner තුලින් ඒ දන්ත මකා ඇති නිසා හෝ Hybird Sleep සක්‍රිය කර තිබිම හෝ Hibernate කල මොහොතක පණ ගැන්වීමේදි සිදු වු දෝෂයක් නිසා අක්‍රියාත්මක (disabled) කර තිබිය හැකියි. (ඇතැම් පරිගණක වල මේ Hibernate වලට අනුකුල නොදක්වන්න පුලුවන් එයත් හේතුවක්.)෴ක්‍රමය 01.෴
විස්ටා තුල මෙය විසදීම සදහා පහසු මගක් තිබෙනවා, මාදුකාශයක් වැන්නක් බාගත කිරිමෙන් කළ හැකියි. එය මෙතැනින් භාගත කරන්න: http://go.microsoft.com/?linkid=9645383
෴ක්‍රමය 02.෴
මෙවැන්නක් තමා විසින්ම කරන්න කැමති අයට ක්‍රමයක් තියෙනවා. මේකම වින්ඩෝස් 7 වලට කරන්න පුලුවන්.


එවිට ඔබට දකින්නට ලැබෙන්නේ මෙයයි:

දැන් එහි powercfg -h on යන විධානය ලබා දී Enter විධානය ලබා දෙන්න. ( powercfg -h off ලෙස මේ විදියටම කර අක්‍රිය කරන්න පුලුවන්.) දැන් Hibernate විශේෂාංශය ක්‍රියාත්මකයි!
(ඇතැම් පරිගණක වල ගැටලු ආ අවස්ථා තියෙනවා. ඔබටත් එසේ වුවේ නම් දන්වන්න. සතියක් තුල විසදුම් දෙන්නම්.)
වින්ඩෝස් 7 සදහා:
වින්ඩෝස් විස්ටා වලට දුන් දෙවැනි ක්‍රමය තුලිනුත් කරන්න පුලුවන්. නැත්නම් මේ අයුරටත් කල හැකියි:Control Panel එකෙහි Hardware and Soundහි එන Power Options යටතේ තිබෙන Change power-saving settingsට යන්න. එහි ඇති change plan settings ලින්ක් එක තෝරන්න. එහි එන change advanced power settings මගින් එන වින්ඩෝවේ sleep දිග හැරැම තුලින් settings(minutes) වල දන්තය අවම අගයක්ට ගෙන never දක්වාම ගෙනියන්න. ඉන්පසු OK ඔබන්න. (ඔබට නිසි ලෙස ප්‍රවේශමයෙන් වෙනත් දන්ත වෙනස් කරන්නත් පුලුවන්. නමුත් එහිදි වෙනත් ගැටලුවලට මුහුණපාන්නත් පුලුවන්. ඒ නිසයි වින්ඩෝස් 7වල මේ ලෙස සැකසුම් සරල කරලා තියෙන්නේ (power options හා change plan settings වගේ).

*දකුණු මුසික බොත්තම ඔබා = right click විධානයට මීට වඩා සිංහලෙන් කියන්න හොද විදිහක් තියෙනවාදෝ?
2 comments:
ස්ටාර් මෙනුව කිවුවේ ස්ටාර්ට් මෙනුවටම නේද?
මම XPනේ තාම පාවිච්චිය. ඒකත් සමහරවිට අත්හරිවි. ඒක නිසා 7,Vista ගැන නම් දන්නෙ නෑ.
කොහොම උනත් හොද ලිපියක්. 7,Vista භාවිතා කරන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතනවා.
ඔව් බින්කු මටත් තිම්බ ගැටලුවක් තමා විස්ටාවල Disk Cleanup කරපු පසු Hibernate පහසු කම ඉවත්ව යැම
එවාගේම මට මතක හැටියට Tuneup Utilities යොදාගන මෙය සකස් කර ගැනිමට පුලුවන්
Post a Comment
ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.