අවශ්‍ය දේවල්,
- සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය කර තිබීම
- සිංහල යුනිකේත Font සහිත පරිගණකයක් වීම.
මෙහෙමයි කරන්නේ.
- Control Panel--->User Accounts
- සිංහලෙන් නම යෙදීමට අවශ්‍ය පරිශීලක නාමය තෝරන්න.
- දැන් Change my Name තෝරන්න.
- නව පරිශීල නාමය ලෙස සිංහලෙන් නම ඇතුලත් කරන්න. මෙහිදී යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණකයක් නම් සිංහලෙන්ම යතුරුලියනය සිදුකල හැක. නැතහොත් අන්තර්ජාල යතුරුපුවරුව හෝ එසැනින් පරිවර්තක වලින් යුනිකේත බවට පරිවර්තනය කරන පරිවරතකයක් භාවිතයෙන් කොපි කිරීම සිදුකරන්න.
මේ තියෙන්නේ අවසන දිස්වන ආකාරයයි.


--
ගයාන් තාරක
8 comments:
මං නම් භාෂා තුනේම දාලා! හික්ස්!
ඔව් ඔව් ඕන භාෂාවක් පාවිච්චි කරන්න පුලුවන්නේ.
හැබැයි. අළුත් user acount හදනකොට username එක සිංහලෙන් දෙන් එපා. එතකොට user profile directoryත් සිංහලෙන් හැදෙනවා. සමහර application ලෙඩ දෙනවා.
මම නම් පරිගනක ගැන වැඩිපුර දැනීමක් නැති . . රැකියාවට අත්‍යාවශ්‍ය මෘදුකාංග තුනක් හතරක් පමන බොහෝම සුලුවෙන් එහා මෙහා කරගත හැකි අයෙක් . . එහෙත් ඔබලාගේ පරිගනක සම්බන්ධ දැනීම දුටු විට විශාල සතුටක් දැනෙනවා . . ලාංකික සිසුන් දක්ශයන් නේදෝ කියලා සිතෙනවා. . . සැමදා ජය. .
මේ screenshot එකේ windows Xp version එක මොකක්ද?
හ්ම්ම් අත්හදා බලන්න හොදයි. මේක Vista වලත් වැඩද?
@ Wolverine
විස්ටා වලට කිසිම අවුලක් නැතුව වැඩ. මොකද විස්ටා XPවලටත් වඩා හොඳින් unicode සපෝට් කරනවනේ.
ගයාන් අය්යෙ මම ඔක දෑම්මා
එත් Start Menu එකෙ පෙන්නෙ නෑ
Post a Comment
ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.