කොම්පුටරේ කෑලි ටික

Sunday, September 27, 2009
මුලින්ම කියන්නම්කො පරිගණකයක් කියන්නේ මොකක්ද කියල.

සරලවම කියනවනම් පරිගණකයක් කියන්නේ විදුලියෙන් වැඩ කරන යන්ත්‍රයක්. එයට දෙන ලද උපදෙස් අනුව තමයි වැඩකරන්නේ. දත්ත අතුලත් කරාම දීල තියෙන උපදෙස් වලට අනුව ඒව සකසල තොරතුරු ලබාදෙන්න පුලුවන් දෙයක්.

පරිගණකයක ඇති කොටස් මෙහෙම වර්ග කරන්න පුලුවන්
1. ආදාන උපකරණ (input devices)
2. ප්‍රතිදාන උපකරණ (output devices)
3. සැකසුම් උපකරණ (processing devices)
4. දත්ත ගබඩා කිරීමේ උපකරණ (storage devices)


අද බලමු කොම්පුටරේ දැක්ක ගමන් පේන්න තියෙන කෑලි ටික. මේ පහල තියෙන පින්තූරෙ බලන්නකෝ.

පින්තූරෙ ගත්තෙ නම් මෙතනින් http://arssupercomputer.org/images/


Screen -(Display/Monitor කියලත් කියනවා) දැක්ක ගමන් පේන්න තියෙන්නේ මොනිටර‍යනේ. මේක පරිගණකයේ කොටසක් විතරයි. මේකෙන් කරන්නේ අපට කරන දේවල් පෙන්නන එක.
ඒ කියන්නේ ප්‍රතිදාන උපකරණයක් (Output Device)

System Unit - මේකෙ තමයි පරිගණකයක් වැඩකරන්න අවශ්‍ය කොටස් ටික තියෙන්නේ. පරිගණකයේ මොලය කියල හදුන්වන මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit -CPU), පාලන ඒකකය, මූලික දත්ත ගබඩා උපකරණ තියෙන්නෙත් මේක ඇතුලෙ තමයි. සමහරු මේකට CPU කියල කියනවත් අහල ඇතිනේ. නමුත් CPU එක System Unit එක ඇතුලෙ තියෙන එක‍ කොටසක් විතරයි. ඒක නිසා මේක පද්ධති ඒකකය (System Unit) කියන එක තමයි වඩා නිවැරදි. (ඇතුලෙ කොටස් ටික පසුව කතා කරමු.)

KeyBoard - යතුරු පුවරුව ටයිප් රයිටර් එක වගේම යතුරු පිහිටල තියෙන මේකෙන් කරන්නේ පරිගණකයට ආදාන සපයන එක. ඒ කියන්නේ අපට පුලුවන් යතුරු පුවරුවෙන් පරිගණකයට දත්ත ඇතුලත් කරන්න. මේක ආදාන උපකරණයක් (Input Device)

Mouse - මූසිකය :D මේ මීයත් දත්ත ඇතුලත් කරන්න තමයි පාවිච්චි කරන්නේ. නිතරම වැඩ කරන කෙනාගේ අතට හිරවෙලා ඉන්නේ. මේක pointing device ගොඩට දාන්න පුලුවන්. ‍pointing device කියන්නේ ආදාන උපකරණ වලින් එක කොටසකට. Mouse Pointer එක එහාමෙහා කරන්න වගේම විධාන දෙන්නත් මේක භාවත කරනවා. ඒක නිසා මේකත් ආදාන උපකරණයක් (Input Device) වෙනවා.

Speakers - ශබ්දය නිකුත් කරන්න භාවිතා කරන්නේ මේක තමයි. ඔයාල සිංදු අහන කොට ඇහෙන්නෙ මේව තුලින්. ඉතිං මේක ප්‍රතිදාන උපකරණයක් වෙනවා.

Microphone - ශබ්දය පරිගණකයට ඇතුලත් කරන්න උපකාරී වෙනවා. එතකොට මේක වැටෙන්නෙත් ආදාන උපකරණ ගොඩට.

මේ මූලිකම කොටස් ටික. මීට අමතරව ආදාන ප්‍රතිදාන උපකරණ තව තියෙනවා. බලන්න ඔයාලට වර්ග කරගන්න පුලුවන්ද කියල.

Limewire පාවිච්චි කරනවාද? එහෙනම් මේක කියවන්න. .

Wednesday, September 23, 2009

ඉංගිරිසි සිංදුවක් හොයාගන්න ඕනෙ උනොත් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක තමයි LimeWire. මේ කියන්න යන්නේ ඒක පාවිච්චි කරනකොට මට හැමදාමත් දකින්න ලැබෙන දෙයක් ගැන.

මේ රූපය දිහා බලන්න. (ක්ලික් කලාම ලොකු කරලා බලන්න පුලුවන්) මම search කරනවා westlife ගායක කණ්ඩායමේ Soledad කියන ගීතය. මම search කරන්න keyword විදියට දුන්නේ “soledad westlife” යනුවෙන් capital කිරීමක් හෝ නැතුව. මේ රූපයේ තියෙන්නෙ මුල් විනාඩියෙදි විතර ආපු ප්‍රතිඵල.

බලන්න ප්‍රතිඵල 6ක් තියෙනවා, mp3 හෝ wma වර්ග වලින්. හොඳින් බැලුවොත් පෙනේවි bitrate හා length පෙන්වා ඇත්තේ ඉන් එකක පමණක් බව. සිංදු ෆයිල් එකක bitrate, length අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නේද? ඒ වගේම බලන්න එකක් ඇර අනික් ෆයිල් 4කම නම ඇත්තේ මම search keyword එක දීපු විදියටමයි. හරිම පුදුමයි නේද?

මතක තියාගන්න මේ විදියට bitrate, length නැතුව එන්නේ වෛයිරස් බව. මුල් කාලෙ මමත් දන්නෙ නැතුව දැක්ක ගමන් ඕව download කරා. පාඩං ඉගෙනගෙනම දැන් මේව දකිනකොටම දන්නවා :D මේ වෛරස නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි අපේ search keyword වලින්ම පෙන්වීම. එතකොට අපි රැවටිලා download කරනවනේ. ඒ නිසා කවදාවත් මේකෙ search කරනකොට “Westlife – Soledad” වගේ formal විදියට දෙන්න එපා. ඔක්කොම simple වලින් ගහන්න. එතකොට අඳුනාගන්න පහසු වේවි අනවශ්‍ය දේවල්. bitrate, length නැති audio file නං වැරදිලාවත් බාන්න එපා.

(මවිසින් කලකට පෙර ලියන ලද පැරණි ලිපියකි)
--
ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම