Screen -(Display/Monitor කියලත් කියනවා) දැක්ක ගමන් පේන්න තියෙන්නේ මොනිටරයනේ. මේක පරිගණකයේ කොටසක් විතරයි. මේකෙන් කරන්නේ අපට කරන දේවල් පෙන්නන එක.
කොම්පුටරේ කෑලි ටික
Screen -(Display/Monitor කියලත් කියනවා) දැක්ක ගමන් පේන්න තියෙන්නේ මොනිටරයනේ. මේක පරිගණකයේ කොටසක් විතරයි. මේකෙන් කරන්නේ අපට කරන දේවල් පෙන්නන එක.
Limewire පාවිච්චි කරනවාද? එහෙනම් මේක කියවන්න. .

ඉංගිරිසි සිංදුවක් හොයාගන්න ඕනෙ උනොත් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක තමයි LimeWire. මේ කියන්න යන්නේ ඒක පාවිච්චි කරනකොට මට හැමදාමත් දකින්න ලැබෙන දෙයක් ගැන.
මේ රූපය දිහා බලන්න. (ක්ලික් කලාම ලොකු කරලා බලන්න පුලුවන්) මම search කරනවා westlife ගායක කණ්ඩායමේ Soledad කියන ගීතය. මම search කරන්න keyword විදියට දුන්නේ “soledad westlife” යනුවෙන් capital කිරීමක් හෝ නැතුව. මේ රූපයේ තියෙන්නෙ මුල් විනාඩියෙදි විතර ආපු ප්‍රතිඵල.
බලන්න ප්‍රතිඵල 6ක් තියෙනවා, mp3 හෝ wma වර්ග වලින්. හොඳින් බැලුවොත් පෙනේවි bitrate හා length පෙන්වා ඇත්තේ ඉන් එකක පමණක් බව. සිංදු ෆයිල් එකක bitrate, length අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නේද? ඒ වගේම බලන්න එකක් ඇර අනික් ෆයිල් 4කම නම ඇත්තේ මම search keyword එක දීපු විදියටමයි. හරිම පුදුමයි නේද?
මතක තියාගන්න මේ විදියට bitrate, length නැතුව එන්නේ වෛයිරස් බව. මුල් කාලෙ මමත් දන්නෙ නැතුව දැක්ක ගමන් ඕව download කරා. පාඩං ඉගෙනගෙනම දැන් මේව දකිනකොටම දන්නවා :D මේ වෛරස නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි අපේ search keyword වලින්ම පෙන්වීම. එතකොට අපි රැවටිලා download කරනවනේ. ඒ නිසා කවදාවත් මේකෙ search කරනකොට “Westlife – Soledad” වගේ formal විදියට දෙන්න එපා. ඔක්කොම simple වලින් ගහන්න. එතකොට අඳුනාගන්න පහසු වේවි අනවශ්‍ය දේවල්. bitrate, length නැති audio file නං වැරදිලාවත් බාන්න එපා.
ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
Gmail Yahoo කස්ටියට අපූරු වැඩ කෑලි ටිකක් ( අනික් කට්ටියටත් නැතුවම නෙවෙයි )
වචනවලට වඩා රූප බලවත් කියල කියනවනේ. ඔන්න එහෙනම් වැඩ කෑලි ටික රූප වලින්.
මෙන්න ඇතුල් වෙන තැන. පේනවද ගූග්ල් සහ යාහූ ලාංචන දෙක? ඒ කියන්නේ දැනට අපේ තියන ගූග්ල් / යාහූ ගිනුම් වලින් මේ සේවා හැම එකකටම දායකත්වය ලබාගන්න පුලුවන්.Zoho Mail කියන්නේ සාමාන්‍ය ඊ- මේල් සේවාවක්.බැලූ බැල්මට යාහූ වගේ. එත් එකට වඩා ගොඩක් පහසුකම් තියනවා. මම ආසම එක තමා Google Gears පාවිච්චි කරල Offline වැඩ කරන්න තියන හැකියාව.
ඒ වගේම වෙනත් ඊ-මේල් ලිපිනයකින් ඊ-මේල් යවන්න තියන හැකියාව. උදාහරනයක් විදියට මට පුලුවන් වල ඉදල මගේ ජි-මේල් ලිපිනයෙන් යැව්ව වගේ පේන්න ඊ මේල් යවන්න.තව එන ඊ-මේල් ඔක්කොම වෙනත් ලිපිනයකට පහසුවෙන් forward කරගන්න පුලුවන්.තවත් අපූරු දෙයක් තමා අපි Google හෝ yahoo පාවිච්චි කරවා නම් අපිට ඉබේම තවත් ඊ මේල් ලිපිනයක් ලැබීම.
කතාව මේකයි. අපි Google/ Yahoo ගිනුමකින් Zoho සේවයට ඇතුල් උනොත් අපි Zoho ඇතුලෙදි පාවිච්චි කරන්නේ අපේ Google/Yahoo ගිනුමේ නම. ඉතින් අපි abcdef@gmail.com ලිපිනය පාවිච්චි කරලා Zoho වලට ඇතුල් උනොත් අපිට ඉබේම ඊ-මේල් ලිපිනයක් ලැබෙනව abcdef@zoho.com කියලා.
Zoho Writer ජාලය හරහා අපිට Word processing කරන්න පහසුකම් ලබාදෙන සේවාවක්.Zoho ගැන දැනගන්න කලින් මම පාවිච්චි කලේ Google documents.එත් දැන් නම් තමා Zoho Writer .හේතුව තමා මේකේ තියන පහසුකම්.Office 2007 වල වගේ Ribbon එකක් ඇතුලත් කරල තියනවා. හොද වේගයක් තියන ජාල සබදතාවයක් තියනවා නම් Office/Open office වල වැඩ කරනවා වගේම තමා. බ්ලොග් ලියන අයට Zoho Writer පාවිච්චි කරල ලියලා කෙලින්ම ඒක බ්ලොග් එකට එවන්න පුලුවන් හැකියාවක් තියනවා. තියන පහසුකම් ඔක්කොම ගැන කියන්න ගියෝතින් ලියන්න ඉඩ මදිවෙයි. ගිහින්ම බලන්න. පොඩි අව්ලක් තියනවා හැබැයි.මට තේරුන විදියට මේක Google documents වඩා ගොඩක් වෙලා ගන්නව load වෙන්නZoho Sheet/ Zoho Show කියන්නේ Excel/ power point වලට සමාන සේවා දෙකක්Zoho Docs වලින් අපිට අපේ හැම ඔන්ලයින් ලිපි ගොනුවක් ගැනම විස්තර බලාගන්න පුලුවන්. ඒ වගේම එව ඊ-මේල් කරන්න, අපේ පරිගනකයේ තියෙන ලිපිගොනු Zoho වලට upload කරන්න වගේ වැඩ පහසුවෙන් කරගන්න උදව්වක්. අපේ ලිපිගොනු පිලිබද සාරාංශයක් විදියටත් මේක හදුන්වන්න පුලුවන්
Zoho chat ඉතින් චැට් කාරයොන්ටම තමයි.දැනට යන Yahoo, Google, Jabber, MSN, AIM ,ICQ සේවා සදහා Zoho chat හරහා log වෙන්න පුලුවන්. ඉදිරියේදි තව සේවා අනිවාර්යෙන්ම මේකට එකතු වේවි.
ඒ වගේම ගිනුමක් නැති කෙනෙක් එක්ක වුනත් චැට් කරන්න පහසු විදියක් හදුන් වල දීලා තියනවා. අපිට චැට් කරන්න අවශය පුද්ගලයාට ඊ-මේල් එකක් යවන්න පුලුවන් චැට් එකකට එන්න කියලා. ඊ- මේලයේ තිබෙන සබැදියක් මගින් එම පුද්ගලයාට ඔබ සමග සංවාදයක් ඇරඹිය හැකියි.චැට් කරනවාට අමතරව තමන්ගේ වෙබ් අඩවියට කෑ ගහන පෙට්ටියක් (shout box )එකතු කරගන්න සහ වෙබ් අඩවියට එන අයට ඔබ සමග සජීවි සංවාදයේ යෙදෙන්න පුලුවන් විදියේ gadget එකකුත් Zoho Chat වෙතින් ලබාගන්න පුලුවන්.කරන්න තියෙන්නේ අපිට ගැලපෙන විදියට ඒව වෙනස් කරගෙන වෙබ් අඩ්වියට එකතු කරගන්න විතරයිZoho NoteBook තවත් වැදගත් සේවාවක්. තේරෙන භාශාවෙන් කිව්වොත් නිකන් scrap book වගේ. හිතන්න අපිට වාර්තාවක් ලියන්න තියනවා කියලා ජාවා ගැන. අපි ඒ ගැන තොරතුරු පත්තර, පොත්, වෙබ් අඩවි වලින් වගේ දෙවල් වලින් අරගෙන එක තැනකට එකතු කර ගන්නවා නෙද? අන්න ඒ වගේ වැඩක් තමා ZohoNotebook වල වෙන්නේ.
මේ බලන්න රූප, ශබ්ද, වීඩියෝ ඕනෑ එකක් එකතු කරගන්න පුලුවන්අපොයි මේ පොස්ට් එක දැන් ගොඩාක් දිග වෙලා. අදට ඔය ඇති.
තව සේවා තියනවා මම කැමති. විස්තර ලියන්න වෙලා නැති නිසා නම් විතරක් දාන්නම්. ගිහින් බලන්න.
Zoho Share යාලුවොත් එක්ක කැමති දේවල් බෙදා හදා ගන්න
Zoho Planner අමතක වෙන දේවල් ලියල තියාගන්න
Zopo Wiki විකියක් හදන්න
Zoho Polls ඡන්ද තියන්න
Site 24 X 7 වෙබ් අඩවියට යන එන අය ගැන හොයන්න
ඔන්න අන්තිමට හොදම ආරංචිය මූණු පොතෙ ඉදල zoho mail බලන්න පුලුවන්. ඊ- මේල් විතරක් නෙවෙයි calender, tasks, documents වගේ සේවාවනුත් මූණු පොතේ ඉදලා ලබාගන්න පුලුවන්.ඒ Zoho Widgets නිසා . මූණු පොත ගැන මුලින්ම කිව්වෙ ගොඩක් අය ඒක පාවිච්චි කරන නිසා. මූණු පොතට අමතරව iGoogle, Orkut වලටත් Open Social සහය දක්වන ඕනැම තැනකදිත් Widgets හරහා Zoho භවිතා කරන්න පුලුවන්. ඒ ගැන දැන ගන්න මෙතන කොටන්න
වින්ඩෝස් වලට සිංහලෙන් පරිශීලක නම යොදමු.
අවශ්‍ය දේවල්,
- සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය කර තිබීම
- සිංහල යුනිකේත Font සහිත පරිගණකයක් වීම.
මෙහෙමයි කරන්නේ.
- Control Panel--->User Accounts
- සිංහලෙන් නම යෙදීමට අවශ්‍ය පරිශීලක නාමය තෝරන්න.
- දැන් Change my Name තෝරන්න.
- නව පරිශීල නාමය ලෙස සිංහලෙන් නම ඇතුලත් කරන්න. මෙහිදී යුනිකේත ස්ථාපනය කර ඇති පරිගණකයක් නම් සිංහලෙන්ම යතුරුලියනය සිදුකල හැක. නැතහොත් අන්තර්ජාල යතුරුපුවරුව හෝ එසැනින් පරිවර්තක වලින් යුනිකේත බවට පරිවර්තනය කරන පරිවරතකයක් භාවිතයෙන් කොපි කිරීම සිදුකරන්න.
මේ තියෙන්නේ අවසන දිස්වන ආකාරයයි.


--
ගයාන් තාරක
Ubuntu - අනාරක්ෂිත තැනක්!!!
නමුත්, නූතන Ubuntu සංස්කරණ වලදීත් (මගේ මතකයේ හැටියට Gusty Gibbon සිට මේ දක්වා) මෙසේ Recovery Mode භාවිතයෙන් ක්‍රියාරම්භ කළ විට පරිශීලකට root shell වෙත යාමට හැකියි. නමුත් නූතන සංස්කරණ වල මෙම ක්‍රියාවේදී root හි මුරපදය විමසීමක් සිදු වන්නේ නැහැ.
මෙසේ කරන්නට ඇත්තේ සමහර විට පරිශීලකගේ පහසුව තකා වෙන්නට පුළුවනි. එහෙත්, මට හැඟෙන විධියට මෙය Ubuntu වල ලොකු අනාරක්ෂිත තැනක්. ඒ root විධියට පරිගණකයට පිවිසෙන්නාට පරිගණකය තුළ ලොකු බලයක් ලැබෙන නිසා යි.
මෙම ආරක්ෂක සිදුර වසා දැමීමට මම අනුගමනය කළේ පහත දැක්වෙන ක්‍රමයයි.
1. BIOS වෙත ගොස්, පරිගණකය ක්‍රියාරම්භ වීමේදී ක්‍රියාරම්භ මාධ්‍යය (boot medium) තෝරා ගත හැකි පහසුකම අවලංගු කරන්න.
2. BIOS වෙත supervisor password එකක් යොදන්න. වෙනත් කෙනෙකු සංගත තැටියක් භාවිත කර අනවසරයෙන් ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට ඇති ඉඩ මින් වැළකෙයි.
3. root ලෙස පරිගණකයට පිවිසී root ට මුරපදයක් යොදන්න.
# passwd root
4. /boot/grub/menu.lst ගොනුව පහත දැක්වෙන පරිදි සංස්කරණය කරන්න.
# vim /boot/grub/menu.lst
දැන් එම ගොනුවේ පහත දක්වා ඇති යොමුව සොයාගෙන එම යොමුවට අදාළ සෑම පේළියකම මුල # ලකුණ යතුරුලියනය කරන්න.
#title Ubuntu, kernel 2.6.xx-xx-generic (recovery mode)
#root (hdx,x)
#kernel /boot/vmlinuz-2.6.xx-xx-generic root=/dev/sdxx ro single
#initrd /boot/initrd.img-2.6.xx-xx-generic
#boot
දැන් එක් වරක් Esc යතුර ඔබා
:wq
යතුරුලියනය කිරීම මගින් vim ගොනු සංස්කරණ යෙදුමෙන් ඉවත් වෙන්න.දැන් Recovery Mode විකල්පය ක්‍රියාරම්භ මෙනුවෙන් ඉවත් වී ඇති. ඔබේ පරිගණකයට කිසිවෙක් අනවසරයෙන් පිවිසීමට ඇති එක් මඟක් මෙයින් ඇහිරී යයි.
මීට වඩා හොඳ ක්‍රමයක් දන්නවනම් ප්‍රතිචාරයක් තබා යන්නට පාඨක ඔබට පුළුවනි. :)
වින්ඩොස් විස්ටා හා 7 සදහා Hibernate සක්‍රීය ගැන්වීම
෴ක්‍රමය 01.෴
විස්ටා තුල මෙය විසදීම සදහා පහසු මගක් තිබෙනවා, මාදුකාශයක් වැන්නක් බාගත කිරිමෙන් කළ හැකියි. එය මෙතැනින් භාගත කරන්න: http://go.microsoft.com/?linkid=9645383
෴ක්‍රමය 02.෴
මෙවැන්නක් තමා විසින්ම කරන්න කැමති අයට ක්‍රමයක් තියෙනවා. මේකම වින්ඩෝස් 7 වලට කරන්න පුලුවන්.



දැන් එහි powercfg -h on යන විධානය ලබා දී Enter විධානය ලබා දෙන්න. ( powercfg -h off ලෙස මේ විදියටම කර අක්‍රිය කරන්න පුලුවන්.) දැන් Hibernate විශේෂාංශය ක්‍රියාත්මකයි!
(ඇතැම් පරිගණක වල ගැටලු ආ අවස්ථා තියෙනවා. ඔබටත් එසේ වුවේ නම් දන්වන්න. සතියක් තුල විසදුම් දෙන්නම්.)
Control Panel එකෙහි Hardware and Soundහි එන Power Options යටතේ තිබෙන Change power-saving settingsට යන්න. එහි ඇති change plan settings ලින්ක් එක තෝරන්න. එහි එන change advanced power settings මගින් එන වින්ඩෝවේ sleep දිග හැරැම තුලින් settings(minutes) වල දන්තය අවම අගයක්ට ගෙන never දක්වාම ගෙනියන්න. ඉන්පසු OK ඔබන්න. (ඔබට නිසි ලෙස ප්රවේශමයෙන් වෙනත් දන්ත වෙනස් කරන්නත් පුලුවන්. නමුත් එහිදි වෙනත් ගැටලුවලට මුහුණපාන්නත් පුලුවන්. ඒ නිසයි වින්ඩෝස් 7වල මේ ලෙස සැකසුම් සරල කරලා තියෙන්නේ (power options හා change plan settings වගේ).

*දකුණු මුසික බොත්තම ඔබා = right click විධානයට මීට වඩා සිංහලෙන් කියන්න හොද විදිහක් තියෙනවාදෝ?
Power බටනයට Shut down විධානය
අපි පරිගණකයේ Power බටනය භාවිතා කරන්නේ පරිගණකය ආරම්භයට පමණයි. මේ කියන්න යන්නේ එම බටනයම Shutdown විධානය දීමට සූදානම් කරන ආකාරය ගැනයි.(හරියට ටීවි එක දාන්න නිවන්න වගේ.)
මුලින්ම Control Panelහි Power Options විවෘත කරගන්න
දැන එහි Advanced ටැබය වෙත ගොස් එහි Power Buttons යටතේ ඇති When I press power button on my computer හි Shutdown තෝරාගන්න.
දැන් "OK" බටනය ක්ලික් කරන්න.
ඉහත පියවර නිවැරදිව අනුගමනය කලේ නම් ඔබේ පරිගණකය දැන් Power බටනය මගින් ShutDown වීමට සූදානම්.
ඉතින් මින් පසු පරිගණකය වසා දමන විට Power බටනය සහයට ගත හැකියි.
Shutdown වෙනුවට Hibernate වුවද යොදාගත හැකියි.
Hibernate සක්‍රිය නැත්නම් මෙතනින් සක්‍රිය කරන විදිය මෙතනින් බලන්න.
----
ගයාන් තාරක
තවත් Simple Plan එකක් Firefox සමග
එක පාරටම මගෙ ෆයර් ෆොක්ස් ටැබ් එක මෙන්න මෙ විදියට පේන්න ගත්තා
Firefox තුල File Index එකක්!
පරිගනකයේ ඕනෑම ගොනුවක් බලාගන්න, (සගවා ඇති ගොනු හා බැලීමට අවසර නැති ගොනු හැර )ඒ වගේම .ඡායාරූප,සින්දු වගේ දෙවල් ලෙසියෙන්ම විවුර්ත කරගන්නත් පුලුවන්. කරන්න තියෙන්නේ ගොනුව තියන තැනට ගිහින් ගොනුව මත ක්ලික් කරන එක විතරයි. ගිනි හිවලා එතකොට අහාවි මොනවද කරන්න ඔනේ කියලා.හැබැයි ඒක කරන්න පුලුවන් අදාල ප්ලග් ඉන් තිබුනොත් විතරයි.ප්ලගින ගැන දන්නෙ නැත්තම් මේක
බලන්න
වින්ඩෝස් එක්ස්ප්ලෝරා වගේ හාඩ් ඩිස්ක් එක මාරු කරන්න තියෙන්නෙ එයට අදාල අකුර Address Bar එකේ යතුරු ලියනය කරල Enter කරන එක විතරයි.(උදා C:)
තවත් දෙයක්, අමතක කරන්න එපා ගිනි හිවලා(Firefox) අපිට පොත් සලකුණු (Bookmarks) දාන්න පහසුකම් සලස්වල තියන බව. දැන් ඉතින් පරිගනකයේ නිතරම යන එන තැන් වලට පොත් සලකුණු (Bookmarks)දාන්න පුලුවන්.එවා වැඩ කරන්නෙත් සාමාන්‍ය අන්තර්ජාල සලකුණු වගේමයි!
මේ ගැන තව විස්තර දැන ගන්න මෙතන කොටන්න
කොම්පුටරේ පලවෙන මගෙ පලවෙනි ලිපිය තමා මේක.ඒක නිසා අඩු පාඩු ගොඩාක් ඇති. ඒ දේවල් ගැන සමාව ඉල්ලන ගමන්ම බින්කු සහෝදරයට ස්තුතියි කියන්නත් කැමතියි කොම්පුටරේට මාවත් එකතු කර ගත්තට.මම ගැන කියනවනම් දැනට ඉන්නේ නුවර.පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ පලවෙනි වසර ශිෂ්‍යාවක්.
--deeps--
Ubuntu මත Adobe Air ස්ථාපනය කරගන්නා ආකාරය
මේ කියන්න යන්නේ උබුන්ටු මත air ස්ථාපනය කරන ආකාරයයි. මොකද Adobe සමාගමෙන් .deb පැකේජයක් ලබා දෙන්නේ නෑ.
1. මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න
http://airdownload.adobe.com/air/lin/download/1.5/AdobeAIRInstaller.bin
2. Terminal එකක් ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් වූ ෆයිල් එක ඇති ස්ථානයට යන්න
3. පිලිවෙලින් මෙම command 2 දෙන්න
chmod +x AdobeAIRInstaller.bin
sudo ./AdobeAIRInstaller.bin
දැන් වින්ඩෝස් වල පුරුදු ආකාරයේ setup installer එකක් ලැබේවි. එමගින් පහසුවෙන්ම air ස්ථාපනය කරගත හැකියි.
දැන් ඔබට යම් air application එකක් (.air file) ලැබුණ විට එය ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගත හැකියි.
----
ප්‍රවීන් ඉන්ද්‍රනාම
Google Image Search - වර්ණ පෙරහන
සර්ච් කිරීමෙන් පසුව ලැබෙන රූප වර්ණ අනුව වෙන් කිරීමට කල යුත්තේ මෙම රූපයේ දැක්වෙන ස්ථානයෙන් අදාල වර්ණය තේරීමයි. එවිට එම වර්ණය වැඩිවශයෙන් ඇති රූප පෙන්වනු ඇත.
මෙම තේරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත්තේ යම්කිසි design එකක් හෝ වෙබ් අඩවියකට යෙදීමට රූප හොයන්නන්ටයි. එමගින් design එකට ගැලපෙන, අඩවියේ තීම් එකට ගැලපෙන වර්ණ වලින් රූප සොයාගත හැකියි.
මේ book clipart සෙවූ විට ලැබුණු සියලු වර්ණයන්ගෙන් යුතු රූපයි.
මේ එය සඳහා රතු පැහැයෙන් යුක්ත රූප සඳහා පමණක් පෙරහන යෙදූ විට ලැබෙන ආකාරයයි.
Unlocker භාවිතා කරමු
Unlocker මෘදුකාංගය මේවගේ දෝෂ වලදී උදව්වට ගන්න පුලුවන්
· Cannot delete file: Access is denied
· There has been a sharing violation.
· The source or destination file may be in use.
· The file is in use by another program or user.
· Make sure the disk is not full or write-protected and that the file is not currently in use.
මීට අමතරව පෙන් ඩ්‍රයිව් එක Safty remove කිරීමට නොදෙන අවස්ථාවල pen drive එක භාවිතා කරන මෘදුකාංගය කුමක්දැයි බලා ගැනිමටත් එය ක්ෂණිකව නවතා දමා safty remove කරගැනීම සඳහාත් මෙය උදව්වට ගත හැකියි.
අවශ්‍ය අය මෙතනින් ගන්න
----
ගයාන් තාරක
Ubuntu 9.04 තැපෑලෙන්
මෙහිදී Launchpadහි ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වන අතර, සංයුක්ත තැටිය ඉල්ලුම් කිරීමේ දී ඒ පිළිබඳ ඔබව දැනුවත් කෙරෙනු ඇත.
ඔබේ තැපැල් කාර්යාලයේ සංකේත අංකය සොයා ගැනීමට slpost.gov.lk වෙත පිවිසෙන්න. (මෙම සංකේත අංකය නිවැරදිව ලබා නො දීමෙන් ඔබ වෙත අදාළ සංයුක්ත තැටිය ලැබීම ප්‍රමාද වීම ට ඉඩ ඇත)
Puppy හොඳ නැද්ද? මෙන්න Slax Linux
මේක Slackware මූලාශ්‍ර කරගෙන හදපු එකක්. Gnome පාරිසරිකය නම් නෑ. KDE විතරයි.
කොහොමද? ලස්සනයි නේද බලු පැටවුන්ට වඩා?
මේකෙ විශේෂ විශේෂාංග ගොඩක් තියෙනවා.
- මෙය ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය නැහැ.
- ලයිව් සීඩී එක වෙනමත් පෙන් සඳහා අනුවාදය වෙනමත් ලබාගන්න පුලුවන්.
- මෙය component based විදියට නිපදවා ඇති නිසා අමතර මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීමකින් තොරව නිකන්ම copy කිරීමෙන් ක්‍රියා කරනවා
හොඳම විශේෂාංගය දැන්.
- තමන්ට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් පමණක් අඩවියේදී තෝරා ඒවා පමණක් අඩංගු ISO හෝ TAR එකක් ලබාගන්නට පුලුවන් !
මූලික මෘදුකාංග සමග මුලු මෙහෙයුම් පද්ධතියම 190MB ප්‍රමාණයක් පමණයි ! (අමතර මොඩියුල එක් කිරීමෙන් ප්‍රමාණය විශාල වේ)
වැදගත්: මෙය හාඩ් ඩිස්ක් එකක ඉන්ස්ටෝල් කිරීමට සැකසූ ඩිස්ට්‍රො එකක් නෙමෙයි. පෝටබල් ආකාරයට වැඩ කිරීමට සැකසූ එකක්. ලයිව් සීඩී එකක හෝ පෙන් එකක දාගත හැකියි. පසුව අමතර ප්‍රෝග්‍රෑම් දාන්න ඕනෙනම් පෙන් එකක දාන එක තමයි සුදුසු. ලිනක්ස් වැඩ කෑලි දන්න කෙනෙකුට නම් ඕනෙ නං ජිල්මාට් එකක් දාලා මේක හාඩ් ඩිස්ක් එකකට උනත් දාගන්න
එතනින් ඔබට කැමති ආකාරයකට මේක customize කර ලබා ගන්න පුලුවන්.
Puppy Linux ගැන අහලා තියෙනවද?
puppy linux කියන්නේ එච්චරම ප්‍රචලිත linux distro එකක් නෙවෙයි. බොහොම සීමිත පිරිසක් විතරයි දන්නේ. ගොඩක් දෙනාට linux කිව්වම මතක් වෙන්නේ Ubuntu, Suse, Fedora වගේ සීමිත linux ප්‍රභේද කිහිපයක් විතරනේ. ඒත් තවත් linux distro's 200ක් විතර තියෙනවා. ඒ හැම එකකටම අනන්‍යවු ලක්ෂණ තියෙනවා. ඒවගේම පොදු ලක්ෂණත් තියෙනවා. puppy linux කියන්නෙත් ඒවගේ linux ප්‍රභේදයක්. මේකේ විශේෂතා කිහිපයක්ම තියෙන නිසයි බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුවේ. puppy භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. Live CD/DVD, සහ external hard disk, pen drives ඕන නම් තමං භාවිතා කරන දෘඩ තැටියටම ස්තාපනය කරන්න පුළුවන්.
1. බොහෝ නිකුතුවන් 100MBට අඩු ලෙස පැවතීම. අලුත්ම නිකුතුව 4.2 හරියටම 100MB කි.
2. වේගවත් ලෙස පරිගණකය පණගැන්විය හැකිවීම. Live CD එකක් උනත් windows වලට වඩා ගොඩක් ඉක්මනට boot වෙනවා. ගොඩක් වෙලාවට තත්පර 30ක් ඇතුලත boot කරන්න පුළුවන්.
3. Audio/Video CODECs බොහොමයක් පෙරනිමියෙන්ම අන්තර්ගත වීම.
4. pen drive එකක වූවද ස්තාපනය කරගත හැකිවීම.
5. User friendly බව හා සරල බව.
6. ධාවනය වන්නේ සම්පූර්ණයෙන්ම RAM එකෙන් නිසා ඉතා වේගවත් වීම. පැරණි පරිගණක වල වුවද ඉතා හොඳින් ධාවනයවේ.
7. Live CD එකෙන් පණ ගැන්වූ පසු CD එක ඉවතට ගත හැකි බැවින් CD ධාවකය වෙනත් කාර්යක් සඳහා නිදහස් කරගත හැකිවීම.
8. එක්වරක් භාවිතා කර පරිගණකය ක්‍රියා විරහිත කිරීමේදී සකස් කරගන්නා ලද settings එකතු කරගන්නා packages ආදිය අපගේ දෘඩතැටියේ NTFS ඉඩක උවද save කර පසුව භාවිතා කල හැකිවීම. මෙය සියලු ආකාරයේ puppy linux සඳහා පොදුය(Live CD,DVD,USB). අවශ්‍ය නම් CD තැටියේම හෝ DVD තැටියේම උවද මෙම save කරගත හැකිය.
මෙකේ flash player එකවත් අපිට අමුතුවෙන් දාන්න දෙයක් නෑ. gparted ත් පෙරනිමියෙන්ම තියෙන නිසා හදිස්සියට ubuntu live එකක් පාවිච්චි කරලා partition කරනවා වෙනුවට puppyට කියල කරන්න පුළුවන්. වැඩේ ඉක්මනටත් කරන්න පුළුවන්. මේ සටහන ලියන කොටයි දැක්කේ අලුත් version එකක් ඇවිත් කියලා 4.2 කියලා. මේ දැන් බාගත කරන්න දැම්මා. කලින් තිබ්බ version වලටත් වැඩිය UI එක ලස්සනයි වගේ.
pen drive සඳහා install කරගැනීමට live CD එක මුලින් ලබාගෙන. එහි ඇති puppy universal installer මගින් install කරගන්න පුළුවන්. pen එක මුලින් හිස් කරන්න ඕන. puppy දැම්මට පස්සේ නම් එයාගේ file delete කරන්නේ නැතිව ඕන වැඩක් pen එකෙන් ගත්තට puppyයා තරහවෙන්නේ නෑ. ආ තව එකක් puppy දාන්න කියලා ext2-ext3-ext4 සංකීර්ණ ප්ලෑන් ඕන නෑ. කෙලින්ම fat එකෙන් දුවනවා. කෙටියෙන්ම කිව්වොත් puppy දැම්මට windows වල කටයුතු සඳහා pen එක භාවිතා කරන්න බාධාවක් නෑ.
මෙතැනින් බාගත කරගන්න.
CD එකක් write කරන්න ලෝභයි වගේනම් virtual machine එකකට දාලා USB version එකක් හදාගන්න පුළුවන්.
ලිව්වේ පහන්
දැන් ඊමේල් පණිවුඩය තුල ඡායාරූප ඇතුලත් කරන්නත් පුලුවන්
මෙය Gmail හි Labs feature එකක්. එනම් තවමත් වැඩිදියුණු කිරීම් කරමින් පවතින එකක්. එහෙත් මෙය ඉතා හොඳින් ක්‍රියා කරනවා.
මෙය සක්‍රිය කර ගැනීමට ඔබේ Gmail වින්ඩෝවේ Labs ටැබ් එකට යන්න (මෙය වින්ඩෝවේ ඉහල දකුණු පස කොළ පැහැති බීකරයක ලකුණකින් දැක්වෙයි). එහි "Inserting Images" නැමති යෙදුම තෝරා එය Enable කරන්න.


වින්ඩොස් යෙදුම් ලිනක්ස් මත ධාවනය
වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වීම අපහසු යයි සිතන්නේ එක්වරම අපට හුරු පුරුදු යෙදුම් සියල්ල අත්හැර නුහුරු නුපුරුදු යෙදුම් පරිහරණයට සිදුවීම නිසාය.
මේ සඳහා වයින් නම් යෙදුමක් අවශ්‍ය වේ.
මා මෙය අත්හදා බැලුවේ ෆෙඩෝරා 10 වන වෙලුමත් සමගයි.
මුලින්ම අග්‍රය වෙත ගොස් su ලෙස සඳහන් කර root සඳහා මුරපදය ලබාදෙන්න
දැන් yum install wine ලෙස යතුරු ලියනය කර Enter යතුර ඔබන්න.
මෙය ස්ථාපනය වූවාට පසු යෙදුම් වලට wine නම් අලුත් ගොනුවක් එක් වී ඇත.
දැන් වින්ඩෝස් යෙදුම් ලිනක්ස් මත ධාවනයට සියලු කටයුතු සූදානම් කර අවසන්.
ඊලගට ඔබට යෙදුම්-->wine-->wine file වෙත ගොස් ඔබට ස්ථාපනය කිරීමට අවශය යෙදුමේ installation file එක සොයා එය මත double click කිරීම හෝ අදාල installation file එක අඩංගු වන ස්ථානයට ගොස් එය ධාවනය කිරීම හෝ කරන්ත

එවිට වින්ඩෝස් වලදී මෙන්ම ස්ථාපනය වනු දැකිය හැක.
Desktop shortcut වලින් හෝ යෙදුම්-->wine-->Programs--> අදාල යෙදුම ධාවනය කිරීම මගින ඔබට ලිනක්ස් මත වින්ඩෝස් වලදී මෙන්ම යෙදුම භාවිත කල හැක.
Wine පිලිබදව වැඩිවිස්තර
වෙනත් වෙලුම් සඳහා ස්ථාපනය සඳහා
යෙදුම් == Application
වෙලුම == Version
----
ගයාන් තාරක
ටොරන්ට් බෑමේදී ප්‍රවේශම් වෙනු
දැන් ටොරන්ට් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නේ. එක අතකින් එහෙම නොවී කොහොමද? ටොරන්ට් වලින් මේ ලෝකෙ ඇති නැති ඕනෙ දෙයක් හොයාගන්න පුලුවන් නේ. ටොරන්ට් බාන ගමන් මම අර කලින් කියපු පාරිභෝගිකයො මෙන්න මේ ගැනත් හිතුවොත් හොඳයි.

බලන්න මේ රූපය දිහා. මේ මාස කිහිපයකට කලින් මම Mandriva dvd එක ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් කරපු වෙලාවග මේ රූපය ගන්නකොට ඒක ඩවුන්ලෝඩ් වෙලා අවසානයටම ඇවිත්. හොඳින් බැලුවොත් පෙනේවි ඒ 4.29GB ප්‍රමාණයේ dvd එක ඩවුන්ලෝඩ් කිරීමේ දී මම නොදැනුවත්වම 616.50MB ප්‍රමාණයක් අප්ලෝඩ් කර ඇති බව !
ඩවුන්ලෝඩ් කරනවානම් අප්ලෝඩ් කල යුතුමයි! ඒක ටොරන්ට් වල විශ්ව නීතියක්. ඒ නිසා අපිට මේ අප්ලෝඩ් එක නවත්වන්න බෑ (අප්ලෝඩ් වෙන වේගය සීමා කරන්න විතරයි පුලුවන්. ඒත් 5kbps වලට වඩා අඩු කල විට ඩවුන්ලෝඩ් වීමද අඩාල වෙනවා)
ප්‍රශ්නෙ තියෙන්නේ අපේ පාරිභෝගිකයන් මේ අප්ලෝඩ් වෙන ප්‍රමාණය අමතක කරන එකයි. වැඩිදෙනෙක් ගණන් බලන්නෙ ඩවුන්ලෝඩ් කරපු හරිය විතරයි. ඒත් සේවා සපයන සමාගම නම් තිතට ඩවුන්ලෝඩ් එකත් සමගම අප්ලෝඩ් ප්‍රමාණයත් ගණන් බලලා තමයි බිල හදන්නේ.
ඒ නිසා ඔබ මම කලින් කියපු වර්ගයේ පාරිභෝගිකයෙක් නම් ප්‍රවේශමෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම මතක තියාගන්න data usage එක කියන්නේ ඩවුන්ලෝඩ් පමණක් නොවන බවත්, අප්ලෝඩ් එකත් ඊට අයත් බවත්.
ලිනක්ස් හා CDMA/GPRS/UTMS/HSPA වලින් අන්තර්ජාල භාවිතය
1) TIUSB3410 (USB to Serial Converter) සදහා මොඩියුලය බාගන්න (ලිනක්ස් 2.4 ක'නලය සදහා,මම දන්න තරමින් දැන් 2.6ත් එක්කම එනවා)
http://gate.brimson.com/downloads/ti_usb-0.3-1.tgz
මෙහි readme අනුව කම්පයිල් කර පිහිටුවන්න
2)කේබලය USB කෙවෙණියට සම්බන්ධ කරන්න.
3)Wvdial පහත පරිදි සකසන්න (/etc/wvdial.conf පහත පරිදි වෙනස් කිරීමෙන්),
Modem = /dev/usb/ti/0
Baud = 230400
Phone = #777
Init1 = ATZ
Stupid Mode = 1
Dial Command = ATDT
Username = myusername
Password = mypassword
PPPD Options = crtcts multilink usepeerdns lock defaultroute
4)Wvdial ට'මින්ලයේ ක්‍රියාත්මක කරන්න...
"usb 1-6: new high speed USB device using ehci_hcd and address 3
usb 1-6: configuration #3 chosen from 1 choice
usb 1-6: New USB device found, idVendor=0fce, idProduct=d075
usb 1-6: New USB device strings: Mfr=1, Product=2, SerialNumber=3
usb 1-6: Product: Sony Ericsson K850
usb 1-6: Manufacturer: Sony Ericsson
usb 1-6: SerialNumber: ***************************
cdc_acm 1-6:3.1: ttyACM0: USB ACM device
cdc_acm 1-6:3.3: ttyACM1: USB ACM device
usbcore: registered new interface driver cdc_acm
cdc_acm: v0.26:USB Abstract Control Model driver for USB modems and ISDN adapters
cdc_wdm 1-6:3.7: cdc-wdm0: USB WDM device
usbcore: registered new interface driver cdc_wdm
usb0: register 'cdc_ether' at usb-0000:00:1a.7-6, CDC Ethernet Device, 02:80:37:03:03:00
usbcore: registered new interface driver cdc_ether
"
Baud = 921000
Phone = *99***1#
Kopete and Gtalk
ඔන්න මගේ යාලුවෙක් කතා කරනවා.
Gtalk වල වලට සැකසුම් හදන හැටි.
මුලින් Applications> internet> instant messenger> kopete ගිහින් තෝරන්න.ඉන්පසුව එහි settings මෙනුවෙන් configure තෝරා මේconfigure පැනලය මතු කර ගන්න.
මේ පැනලයෙන් add account තෝරන්න.
එයිනුත් Jabber තෝරන්න.
ඉන්පසු Jabber ID එකේදි ඔබේ ලිපිනය ලබා දෙන්න. ලබා දීමේදී @gmail.com දානවා නම් තවත් හොඳයි.
මුර පදය සුරකින්නට දී එයද ලබා දෙන්න (ඇතැම් ලිනක්ස් වලදී මුරපදය සුරකිමට wallet එකේද මුර පදය ඉල්ලයි.)
එකට සියලු සැකසුම් සමඟ සම්බන්ධතා දෙන්නට Exclude from connect all එක mark කරන්න.
ඉන්පසු Connetion ටැබය තෝරා මේ අගයන් ලබා දෙන්න:
Use protocol encryption (SSL), Allow plain-text password authentication, සහ Override default server information යන්නන්ට marks ලබා දී ලෙස ලබා දී port එකට 5223 අගය දෙන්න. ගුගලය විසින් 5222 ලෙස දුන්නද මේ අගය ලබා දිම සුදුසු වෙයි. firewall මගින් බධා පැමිණියොත් 433 ලෙසත් ලබා දෙන්න පුළුවන්.
Next ඔබා අවසන් කරන්න.
ඔයාලාගේ අදහස් ගැටලු කියන්න.
මේ ලිනක්ස් වල KDE පසුබිමය එක්ක සැකසු එකක්. එය KDE website මගින් ගන්නත් පුළුවන්. බොහෝ KDE ලිනක්ස් එක්ක ආවත් මෙය හොඳින් භාවිතා කරන්නට QCA library අවශ්‍ය වෙයි. එම ප්ලගීනය මෙතැනින් ලබා ගන්න පුළුවන්. kopete එකට අවශ්‍ය වෙන්නේ qca-tls-1.0.tar.bz2 එකයි. සුසේ සමඟම QCA එන අතරම Kubuntu වල 7.04දි ආවත් 8.04 වලදි වෙනම දැමිය යුතු වෙයි. Fedora (core 4) Yum වල දී qca-tls ලෙස තියෙනවා. Kubuntu වලදි qca-tls ලෙසත් තියෙනවා.
මේ ගැන මම දැන ගත්තේද සුසේ වල ෆෝම් වලදියි.