Google Image Search - වර්ණ පෙරහන

Wednesday, April 22, 2009
මෙතෙක් කල් keyword වලින් පමණක් රූප සෙවීමට හැකිවූ Google Image Search හි දැන් තවත් පහසුකමක් ලබාදී තිබේ. එනම් අපේ සෙවුමේ එන රූප වර්ණ සංයෝජනය අනුව පෙරහන් (filter) කල හැකි වීමයි. එනම් එක්තරා වර්ණයක් පමණක් බෙහෙවින් අඩංගු රූප පමණක් තෝරාගැනීමට හැකිවීමයි.

සර්ච් කිරීමෙන් පසුව ලැබෙන රූප වර්ණ අනුව වෙන් කිරීමට කල යුත්තේ මෙම රූපයේ දැක්වෙන ස්ථානයෙන් අදාල වර්ණය තේරීමයි. එවිට එම වර්ණය වැඩිවශයෙන් ඇති රූප පෙන්වනු ඇත.



මෙම තේරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත්තේ යම්කිසි design එකක් හෝ වෙබ් අඩවියකට යෙදීමට රූප හොයන්නන්ටයි. එමගින් design එකට ගැලපෙන, අඩවියේ තීම් එකට ගැලපෙන වර්ණ වලින් රූප සොයාගත හැකියි.

මේ book clipart සෙවූ විට ලැබුණු සියලු වර්ණයන්ගෙන් යුතු රූපයි.



මේ එය සඳහා රතු පැහැයෙන් යුක්ත රූප සඳහා පමණක් පෙරහන යෙදූ විට ලැබෙන ආකාරයයි.





Bookmark and Share

Unlocker භාවිතා කරමු

Tuesday, April 21, 2009

Unlocker මෘදුකාංගය මේවගේ දෝෂ වලදී උදව්වට ගන්න පුලුවන්
· Cannot delete file: Access is denied
· There has been a sharing violation.
· The source or destination file may be in use.
· The file is in use by another program or user.
· Make sure the disk is not full or write-protected and that the file is not currently in use.

මීට අමතරව පෙන් ඩ්‍රයිව් එක Safty remove කිරීමට නොදෙන අවස්ථාවල pen drive එක භාවිතා කරන මෘදුකාංගය කුමක්දැයි බලා ගැනිමටත් එය ක්‍ෂණිකව නවතා දමා safty remove කරගැනීම සඳහාත් මෙය උදව්වට ගත හැකියි.




අවශ්‍ය අය මෙතනින් ගන්න

----
ගයාන් තාරක

Ubuntu 9.04 තැපෑලෙන්

Monday, April 20, 2009
2009 අප්‍රේල් මස අවසානයේ නිකුත් වීමට නියමිත Ubuntu 9.04 සංස්කරණය ගැන ඔබ සියළු දෙනා දැනුවත් යැයි සිතමි. Jaunty Jackalope නොහොත් 'ජේත්තුකාර හාවා' ලෙස නම් කර ඇති මෙම සංස්කරණය නිකුත් වීමට පෙරාතුව පිටපතක් ඉල්ලුම් කර තැබීමට (pre-order) ඔබටත් හැකියි. මේ සඳහා https://shipit.ubuntu.com වෙත පිවිසෙන්න.

මෙහිදී Launchpadහි ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වන අතර, සංයුක්ත තැටිය ඉල්ලුම් කිරීමේ දී ඒ පිළිබඳ ඔබව දැනුවත් කෙරෙනු ඇත.
ඔබේ තැපැල් කාර්යාලයේ සංකේත අංක‌ය සොයා ගැනීමට slpost.gov.lk වෙත පිවිසෙන්න. (මෙම සංකේත අංකය නිවැරදිව ලබා නො දීමෙන් ඔබ වෙත අදාළ සංයුක්ත තැටිය ලැබීම ප්‍රමාද වීම ට ඉඩ ඇත)

Puppy හොඳ නැද්ද? මෙන්න Slax Linux

Tuesday, April 14, 2009
පහුගිය පෝස්ට් එකේ පහන් හොඳ ලිනක්ස් ඩිස්ට්‍රො එකක් හඳුන්වලා දුන්නා, Puppy Linux. ඒකෙ විශේෂත්වය තමයි පෝටබල් වීම. (USB පෙන් එකකටත් දාන්න පුලුවං). මමත් පහන් කියපු නිසා ඕක ඩවුන්ලෝඩ් කරගත්තත් මට නං ඒක වැඩිය දිරෙව්වෙ නෑ. ඉතිං මේ බව මම GTalk ස්ටේටස් එකේ දාලා තිබ්බාම අපේ අකිල දක්ෂිණ සහෝදරයා මට හඳුන්වල දුන්නා තවත් පෝටබල් ලිනක්ස් ඩිස්ට්‍රො එකක්. ඒ තමයි SLAX.

මේක Slackware මූලාශ්‍ර කරගෙන හදපු එකක්. Gnome පාරිසරිකය නම් නෑ. KDE විතරයි.




කොහොමද? ලස්සනයි නේද බලු පැටවුන්ට වඩා?

මේකෙ විශේෂ විශේෂාංග ගොඩක් තියෙනවා.
  • මෙය ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය නැහැ.
  • ලයිව් සීඩී එක වෙනමත් පෙන් සඳහා අනුවාදය වෙනමත් ලබාගන්න පුලුවන්.
  • මෙය component based විදියට නිපදවා ඇති නිසා අමතර මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීමකින් තොරව නිකන්ම copy කිරීමෙන් ක්‍රියා කරනවා

හොඳම විශේෂාංගය දැන්.
  • තමන්ට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් පමණක් අඩවියේදී තෝරා ඒවා පමණක් අඩංගු ISO හෝ TAR එකක් ලබාගන්නට පුලුවන් !

මූලික මෘදුකාංග සමග මුලු මෙහෙයුම් පද්ධතියම 190MB ප්‍රමාණයක් පමණයි ! (අමතර මොඩියුල එක් කිරීමෙන් ප්‍රමාණය විශාල වේ)

වැදගත්: මෙය හාඩ් ඩිස්ක් එකක ඉන්ස්ටෝල් කිරීමට සැකසූ ඩිස්ට්‍රො එකක් නෙමෙයි. පෝටබල් ආකාරයට වැඩ කිරීමට සැකසූ එකක්. ලයිව් සීඩී එකක හෝ පෙන් එකක දාගත හැකියි. පසුව අමතර ප්‍රෝග්‍රෑම් දාන්න ඕනෙනම් පෙන් එකක දාන එක තමයි සුදුසු. ලිනක්ස් වැඩ කෑලි දන්න කෙනෙකුට නම් ඕනෙ නං ජිල්මාට් එකක් දාලා මේක හාඩ් ඩිස්ක් එකකට උනත් දාගන්න උත්සාහ කරලා බලන්න.

මෙන්න ගිහින් බලන්න SLAX අඩවියට
එතනින් ඔබට කැමති ආකාරයකට මේක customize කර ලබා ගන්න පුලුවන්.

Puppy Linux ගැන අහලා තියෙනවද?

Monday, April 13, 2009


puppy linux කියන්නේ එච්චරම ප්‍රචලිත linux distro එකක් නෙවෙයි. බොහොම සීමිත පිරිසක් විතරයි දන්නේ. ගොඩක් දෙනාට linux කිව්වම මතක්‍ වෙන්නේ Ubuntu, Suse, ‍Fedora වගේ සීමිත linux ප්‍රභේද කිහිපයක් විතරනේ. ඒත් තවත් linux distro's 200ක් විතර තියෙනවා. ඒ හැම එකකටම අනන්‍යවු ලක්ෂණ තියෙනවා. ඒවගේම පොදු ලක්ෂණත් තියෙනවා. puppy linux කියන්නෙත් ඒවගේ linux ප්‍රභේදයක්. මේකේ විශේෂතා කිහිපයක්ම තියෙන නිසයි බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුවේ. puppy භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. Live CD/DVD, සහ external hard disk, pen drives ඕන නම් තමං භාවිතා කරන දෘඩ තැටියටම ස්තාපනය කරන්න පුළුවන්.
1. බොහෝ නිකුතුවන් 100MBට අඩු ‍ලෙස පැවතීම. අලුත්ම නිකුතුව 4.2 හරියටම 100MB කි.
2. වේගවත් ලෙස පරිගණකය පණගැන්විය හැකිවීම. Live CD එකක් උනත් windows වලට වඩා ගොඩක් ඉක්මනට boot වෙනවා. ගොඩක් වෙලාවට තත්පර 30ක් ඇතුලත boot කරන්න පුළුවන්.
3. Audio/Video CODECs බොහොමයක් පෙරනිමියෙන්ම අන්තර්ගත වීම.
4. pen drive එකක වූවද ස්තාපනය කරගත හැකිවීම.
5. User friendly බව හා සරල බව.
6. ධාවනය වන්නේ සම්පූර්ණයෙන්ම RAM එකෙන් නිසා ඉතා වේගවත් වීම. පැරණි පරිගණක වල වුවද ඉතා හොඳින් ධාවනයවේ.
7. Live CD එකෙන් පණ ගැන්වූ පසු CD එක ඉවතට ගත හැකි බැවින් CD ධාවකය වෙනත් කාර්යක් සඳහා නිදහස් කරගත හැකිවීම.
8. එක්වරක් භාවිතා කර පරිගණකය ක්‍රියා විරහිත කිරීමේදී සකස් කරගන්නා ලද settings එකතු කරගන්නා packages ආදිය අපගේ දෘඩතැටි‍යේ NTFS ඉඩක උවද save කර පසුව භාවිතා කල හැකිවීම. මෙය සියලු ආකාරයේ puppy linux සඳහා පොදුය(Live CD,DVD,USB). අවශ්‍ය නම් CD තැටියේම හෝ DVD තැටියේම උවද මෙම save කරගත හැකිය.
මෙකේ flash player එකවත් අපිට අමුතුවෙන් දාන්න දෙයක් නෑ. gparted ත් පෙරනිමියෙන්ම තියෙන නිසා හදිස්සියට ubuntu live එකක් පාවිච්චි කරලා partition කරනවා වෙනුවට puppyට කියල කරන්න පුළුවන්. වැඩේ ඉක්මනටත් කරන්න පුළුවන්. මේ සටහන ලියන කොටයි දැක්කේ අලුත් version එකක් ඇවිත් කියලා 4.2 කියලා. මේ දැන් බාගත කරන්න දැම්මා. කලින් තිබ්බ version වලටත් වැ‍ඩිය UI එක ලස්සනයි වගේ.
pen drive සඳහා install කරගැනීමට live CD එක මුලින් ලබාගෙන. එහි ඇති puppy universal installer මගින් install කරගන්න පුළුවන්. pen එක මුලින් හිස් කරන්න ඕන. puppy දැම්මට පස්සේ නම් එයාගේ file delete කරන්නේ නැතිව ඕන වැඩක් pen එකෙන් ගත්තට puppyයා තරහවෙන්නේ නෑ. ආ තව එකක් puppy දාන්න කියලා ext2-ext3-ext4 සංකීර්ණ ප්ලෑන් ඕන නෑ. කෙලින්ම fat එකෙන් දුවනවා. කෙටියෙන්ම කිව්වොත් puppy දැම්මට windows වල කටයුතු සඳහා pen එක භාවිතා කරන්න බාධාවක් නෑ.
මෙතැනින් බාගත කරගන්න.
CD එකක් write කරන්න ලෝභයි වගේනම් virtual machine එකකට දාලා USB version එකක් හදාගන්න පුළුවන්.



ලිව්වේ පහන්

දැන් ඊමේල් පණිවුඩය තුල ඡායාරූප ඇතුලත් කරන්නත් පුලුවන්

Friday, April 10, 2009
මෙතෙක් කල් ගූග්ල් සමාගම විසින් කෙලින්ම සහයෝගය නොදැක්වූ පහසුකමක් දැන් Gmail හි ලබාදී තිබෙනවා. ඒ තමයි ඊමේල් පණිවුඩය තුල ඡායාරූප අන්තර්ගත කිරීම. (මෙතෙක් කල් මෙය කල හැකි වූයේ ඡායාරූපය වෙනම host කර ලිපිය වෙත drag කර දැමීමෙන් පමණයි)

මෙය Gmail හි Labs feature එකක්. එනම් තවමත් වැඩිදියුණු කිරීම් කරමින් පවතින එකක්. එහෙත් මෙය ඉතා හොඳින් ක්‍රියා කරනවා.

මෙය සක්‍රිය කර ගැනීමට ඔබේ Gmail වින්ඩෝවේ Labs ටැබ් එකට යන්න (මෙය වින්ඩෝවේ ඉහල දකුණු පස කොළ පැහැති බීකරයක ලකුණකින් දැක්වෙයි). එහි "Inserting Images" නැමති යෙදුම තෝරා එය Enable කරන්න.

දැන් නැවත inbox වෙත ගොස් අලුත් ලිපියක් ලියන්නට යාමේදී එහි අයිකන තීරයේ නව අයිකනයක් දැකගත හැකිවෙයි.

මෙය ක්ලික් කිරීම මගින් ඔබේ පරිගණකයේ ඇති ඡායාරූපයක් හෝ වෙනත් URL එකක් මගින් ඊමේල් ලිපියට ඡායාරූපයක් එකතු කර ගත හැකිවනු ඇති. එය attachment එකක ආකාරයෙන් නොව ලිපියේ පේලි අතර (inline) රුවාගත හැකිවේවි.


වින්ඩොස් යෙදුම් ලිනක්ස් මත ධාවනය

Monday, April 6, 2009

වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වීම අපහසු යයි සිතන්නේ එක්වරම අපට හුරු පුරුදු යෙදුම් සියල්ල අත්හැර නුහුරු නුපුරුදු යෙදුම් පරිහරණයට සිදුවීම නිසාය.
මේ සඳහා වයින් නම් යෙදුමක් අවශ්‍ය වේ.
මා මෙය අත්හදා බැලුවේ ෆෙඩෝරා 10 වන වෙලුමත් සමගයි.

මුලින්ම අග්‍රය වෙත ගොස් su ලෙස සඳහන් කර root සඳහා මුරපදය ලබාදෙන්න

දැන් yum install wine ලෙස යතුරු ලියනය කර Enter යතුර ඔබන්න.
මෙය ස්ථාපනය වූවාට පසු යෙදුම් වලට wine නම් අලුත් ගොනුවක් එක් වී ඇත.


දැන් වින්ඩෝස් යෙදුම් ලිනක්ස් මත ධාවනයට සියලු කටයුතු සූදානම් කර අවසන්.
ඊලගට ඔබට යෙදුම්-->wine-->wine file වෙත ගොස් ඔබට ස්ථාපනය කිරීමට අවශය යෙදුමේ installation file එක සොයා එය මත double click කිරීම හෝ අදාල installation file එක අඩංගු වන ස්ථානයට ගොස් එය ධාවනය කිරීම හෝ කරන්ත

එවිට වින්ඩෝස් වලදී මෙන්ම ස්ථාපනය වනු දැකිය හැක.

Desktop shortcut වලින් හෝ යෙදුම්-->wine-->Programs--> අදාල යෙදුම ධාවනය කිරීම මගින ඔබට ලිනක්ස් මත වින්ඩෝස් වලදී මෙන්ම යෙදුම භාවිත කල හැක.

Wine පිලිබදව වැඩිවිස්තර
වෙනත් වෙලුම් සඳහා ස්ථාපනය සඳහා


යෙදුම් == Application
වෙලුම == Version

----
ගයාන් තාරක


ටොරන්ට් බෑමේදී ප්‍රවේශම් වෙනු

Sunday, April 5, 2009
මේ කියන්න යන කාරණාව වැදගත් වෙන්නේ බෑන්ඩ්විත් එකට, එහෙමත් නැත්තම් ඩේටා යූසේජ් එකට ගෙවන අන්තර්ජාල පාරිභෝගිකයන්ටයි. (කෙටියෙන් කිව්වොත් ලංකාවෙදි ADSL හා LankaBel WiMAX හැර අන් සියල්ලන්ට)

දැන් ටොරන්ට් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නේ. එක අතකින් එහෙම නොවී කොහොමද? ටොරන්ට් වලින් මේ ලෝකෙ ඇති නැති ඕනෙ දෙයක් හොයාගන්න පුලුවන් නේ. ටොරන්ට් බාන ගමන් මම අර කලින් කියපු පාරිභෝගිකයො මෙන්න මේ ගැනත් හිතුවොත් හොඳයි.


බලන්න මේ රූපය දිහා. මේ මාස කිහිපයකට කලින් මම Mandriva dvd එක ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් කරපු වෙලාවග මේ රූපය ගන්නකොට ඒක ඩවුන්ලෝඩ් වෙලා අවසානයටම ඇවිත්. හොඳින් බැලුවොත් පෙනේවි ඒ 4.29GB ප්‍රමාණයේ dvd එක ඩවුන්ලෝඩ් කිරීමේ දී මම නොදැනුවත්වම 616.50MB ප්‍රමාණයක් අප්ලෝඩ් කර ඇති බව !

ඩවුන්ලෝඩ් කරනවානම් අප්ලෝඩ් කල යුතුමයි! ඒක ටොරන්ට් වල විශ්ව නීතියක්. ඒ නිසා අපිට මේ අප්ලෝඩ් එක නවත්වන්න බෑ (අප්ලෝඩ් වෙන වේගය සීමා කරන්න විතරයි පුලුවන්. ඒත් 5kbps වලට වඩා අඩු කල විට ඩවුන්ලෝඩ් වීමද අඩාල වෙනවා)

ප්‍රශ්නෙ තියෙන්නේ අපේ පාරිභෝගිකයන් මේ අප්ලෝඩ් වෙන ප්‍රමාණය අමතක කරන එකයි. වැඩිදෙනෙක් ගණන් බලන්නෙ ඩවුන්ලෝඩ් කරපු හරිය විතරයි. ඒත් සේවා සපයන සමාගම නම් තිතට ඩවුන්ලෝඩ් එකත් සමගම අප්ලෝඩ් ප්‍රමාණයත් ගණන් බලලා තමයි බිල හදන්නේ.

ඒ නිසා ඔබ මම කලින් කියපු වර්ගයේ පාරිභෝගිකයෙක් නම් ප්‍රවේශමෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම මතක තියාගන්න data usage එක කියන්නේ ඩවුන්ලෝඩ් පමණක් නොවන බවත්, අප්ලෝඩ් එකත් ඊට අයත් බවත්.

ලිනක්ස් හා CDMA/GPRS/UTMS/HSPA වලින් අන්තර්ජාල භාවිතය

Saturday, April 4, 2009
මෙය මා විසින් පලමුවෙන් 2005-09-08 දින 20:55 +5.530GMT ට ලංකා ලිනක්ස් සමූහය වෙනුවෙන් ලියන ලදි...
ළගදී කිහිපදෙනෙකු යලි විමසූ බැවින් මෙලෙස පළ කෙරේ...

මේ ක්‍රමය ඕනෑම බාහිර මොඩොමයකට ගැලපෙනවා...මේ USB->Serial converter එක බොහෝ විට CDMA සහ පරණ GPRS මොඩොම සදහා ඕනි..අනෙක් පියවර ඕනෙම මොඩොමයකට භාවිතා කරන්න පුලුවනි...

TIUSB3410 යනු ලාංකීය බොහෝ ආයතන වලින් CDMA දුරකතන සදහා ලබාදෙන USB to Serial Converter එකකී(ඩේටා කේබලය තුල පවතී)

1) TIUSB3410 (USB to Serial Converter) සදහා මොඩියුලය බාගන්න (ලිනක්ස් 2.4 ක'නලය සදහා,මම දන්න තරමින් දැන් 2.6ත් එක්කම එනවා)
http://gate.brimson.com/downloads/ti_usb-0.3-1.tgz
මෙහි readme අනුව කම්පයිල් කර පිහිටුවන්න
2)කේබලය USB කෙවෙණියට සම්බන්ධ කරන්න.
3)Wvdial පහත පරිදි සකසන්න (/etc/wvdial.conf පහත පරිදි වෙනස් කිරීමෙන්),

Modem = /dev/usb/ti/0
Baud = 230400
Phone = #777
Init1 = ATZ
Stupid Mode = 1
Dial Command = ATDT
Username = myusername
Password = mypassword
PPPD Options = crtcts multilink usepeerdns lock defaultroute

4)Wvdial ට'මින්ලයේ ක්‍රියාත්මක කරන්න...

මෙහිදී /dev/usb/ti/0 යනු අදාල මොඩමය සමග සම්බන්ධ විය හැකි දොරටුවයි....
මෙය සොයා ගැනිමට
dmesg ලෙස ට'මිනලයේ ගසන්න...

එවිට එන් විස්තරයයේ මෙලෙස ඇති කොටස බලන්න,,,
"usb 1-6: new high speed USB device using ehci_hcd and address 3
usb 1-6: configuration #3 chosen from 1 choice
usb 1-6: New USB device found, idVendor=0fce, idProduct=d075
usb 1-6: New USB device strings: Mfr=1, Product=2, SerialNumber=3
usb 1-6: Product: Sony Ericsson K850
usb 1-6: Manufacturer: Sony Ericsson
usb 1-6: SerialNumber: ***************************
cdc_acm 1-6:3.1:
ttyACM0: USB ACM device
cdc_acm 1-6:3.3:
ttyACM1: USB ACM device
usbcore: registered new interface driver cdc_acm
cdc_acm: v0.26:USB Abstract Control Model driver for USB modems and ISDN adapters
cdc_wdm 1-6:3.7: cdc-wdm0: USB WDM device
usbcore: registered new interface driver cdc_wdm
usb0: register 'cdc_ether' at usb-0000:00:1a.7-6, CDC Ethernet Device, 02:80:37:03:03:00
usbcore: registered new interface driver cdc_ether
"

මෙහිදී නම් /dev/ttyACM0 හා /dev/ttyACM1 ලෙස මොඩම 2ක් දැක්වේ..

GPRS/EDGE/UTMS/HSPA සදහාද මෙම ක්‍රමටයම 2 පියවරේ සිට යොදාගත හැකි අතර මෙලෙස වෙනස් විය යුතුයි(උදාහරණය‍ක්...)


Modem = /dev/ttyACM0
Baud = 921000
Phone = *99***1#

***1 අදාල profile එක අනුව ලබා දෙන්න...




Kopete and Gtalk

ඩනිෂ්ක අයියා කිව් Empathy එකත් බොහෝ දෙනෙක් පාවිච්චි කරන pidgin එකටත් වඩා මට ඇල්ලුවේ kopete එකයි. ඊට හේතුව ලෙස කියන්න පුළුවන් text chat සදහා එකේ තියෙන පහසුවයි. අනිත් දෙකට වඩා මම ප්‍රිය කරන ලක්ෂයක් තමා notification එක. කෙනෙක් online ආ විට දැනුවත් කරන අතරම කෙනෙක් කතා කල විට දන්වනවා වගේම answer or ignore ලෙස තෝර ගන්නත් පුළුවන්. කෙනෙක් online ආ විටදි වුවත් ලෙස 'chat' විකල්පයක් දෙනවා. එක වාසියක් වගේ තමා. නමුත් ඉස්සර මං වගේම ගොඩාක් දෙනෙක් මෙක පාවිච්චි කරන්නේ නැත්තේ මේකේ Gtalk වලට පාවිච්චි කල හැකි බවක් නොදකින නිසයි.
ImageHost.org
Pidgin , Kopete හා Empathy වල අනිත් මගේ මිතුරන් පෙන්වන අයුරු.
ImageHost.org

ඔන්න මගේ යාලුවෙක් කතා කරනවා.
ImageHost.org


Gtalk වල වලට සැකසුම් හදන හැටි.

මුලින් Applications> internet> instant messenger> kopete ගිහින් තෝරන්න.ඉන්පසුව එහි settings මෙනුවෙන් configure තෝරා මේconfigure පැනලය මතු කර ගන්න.
ImageHost.org
මේ පැනලයෙන් add account තෝරන්න.

එයිනුත් Jabber තෝරන්න.
ImageHost.org
ඉන්පසු Jabber ID එකේදි ඔබේ ලිපිනය ලබා දෙන්න. ලබා දීමේදී @gmail.com දානවා නම් තවත් හොඳයි.
මුර පදය සුරකින්නට දී එයද ලබා දෙන්න (ඇතැම් ලිනක්ස් වලදී මුරපදය සුරකිමට wallet එකේද මුර පදය ඉල්ලයි.)
එකට සියලු සැකසුම් සමඟ සම්බන්ධතා දෙන්නට
Exclude from connect all එක mark කරන්න.
ImageHost.org

ඉන්පසු Connetion ටැබය තෝරා මේ අගයන් ලබා දෙන්න:
Use protocol encryption (SSL), Allow plain-text password authentication, සහ Override default server information යන්නන්ට marks ලබා දී ලෙස ලබා දී port එකට 5223 අගය දෙන්න. ගුගලය විසින් 5222 ලෙස දුන්නද මේ අගය ලබා දිම සුදුසු වෙයි. firewall මගින් බධා පැමිණියොත් 433 ලෙසත් ලබා දෙන්න පුළුවන්.
ImageHost.org

Next ඔබා අවසන් කරන්න.

ඔයාලාගේ අදහස් ගැටලු කියන්න.

මේ ලිනක්ස් වල KDE පසුබිමය එක්ක සැකසු එකක්. එය KDE website මගින් ගන්නත් පුළුවන්. බොහෝ KDE ලිනක්ස් එක්ක ආවත් මෙය හොඳින් භාවිතා කරන්නට QCA library අවශ්‍ය වෙයි. එම ප්ලගීනය මෙතැනින් ලබා ගන්න පුළුවන්. kopete එකට අවශ්‍ය වෙන්නේ
qca-tls-1.0.tar.bz2 එකයි. සුසේ සමඟම QCA එන අතරම Kubuntu වල 7.04දි ආවත් 8.04 වලදි වෙනම දැමිය යුතු වෙයි. Fedora (core 4) Yum වල දී qca-tls ලෙස තියෙනවා. Kubuntu වලදි qca-tls ලෙසත් තියෙනවා.

මේ ගැන මම දැන ගත්තේද සුසේ වල ෆෝම් වලදියි.