ටොරන්ට් බෑමේදී ප්‍රවේශම් වෙනු

Sunday, April 5, 2009
මේ කියන්න යන කාරණාව වැදගත් වෙන්නේ බෑන්ඩ්විත් එකට, එහෙමත් නැත්තම් ඩේටා යූසේජ් එකට ගෙවන අන්තර්ජාල පාරිභෝගිකයන්ටයි. (කෙටියෙන් කිව්වොත් ලංකාවෙදි ADSL හා LankaBel WiMAX හැර අන් සියල්ලන්ට)

දැන් ටොරන්ට් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නේ. එක අතකින් එහෙම නොවී කොහොමද? ටොරන්ට් වලින් මේ ලෝකෙ ඇති නැති ඕනෙ දෙයක් හොයාගන්න පුලුවන් නේ. ටොරන්ට් බාන ගමන් මම අර කලින් කියපු පාරිභෝගිකයො මෙන්න මේ ගැනත් හිතුවොත් හොඳයි.


බලන්න මේ රූපය දිහා. මේ මාස කිහිපයකට කලින් මම Mandriva dvd එක ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් කරපු වෙලාවග මේ රූපය ගන්නකොට ඒක ඩවුන්ලෝඩ් වෙලා අවසානයටම ඇවිත්. හොඳින් බැලුවොත් පෙනේවි ඒ 4.29GB ප්‍රමාණයේ dvd එක ඩවුන්ලෝඩ් කිරීමේ දී මම නොදැනුවත්වම 616.50MB ප්‍රමාණයක් අප්ලෝඩ් කර ඇති බව !

ඩවුන්ලෝඩ් කරනවානම් අප්ලෝඩ් කල යුතුමයි! ඒක ටොරන්ට් වල විශ්ව නීතියක්. ඒ නිසා අපිට මේ අප්ලෝඩ් එක නවත්වන්න බෑ (අප්ලෝඩ් වෙන වේගය සීමා කරන්න විතරයි පුලුවන්. ඒත් 5kbps වලට වඩා අඩු කල විට ඩවුන්ලෝඩ් වීමද අඩාල වෙනවා)

ප්‍රශ්නෙ තියෙන්නේ අපේ පාරිභෝගිකයන් මේ අප්ලෝඩ් වෙන ප්‍රමාණය අමතක කරන එකයි. වැඩිදෙනෙක් ගණන් බලන්නෙ ඩවුන්ලෝඩ් කරපු හරිය විතරයි. ඒත් සේවා සපයන සමාගම නම් තිතට ඩවුන්ලෝඩ් එකත් සමගම අප්ලෝඩ් ප්‍රමාණයත් ගණන් බලලා තමයි බිල හදන්නේ.

ඒ නිසා ඔබ මම කලින් කියපු වර්ගයේ පාරිභෝගිකයෙක් නම් ප්‍රවේශමෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම මතක තියාගන්න data usage එක කියන්නේ ඩවුන්ලෝඩ් පමණක් නොවන බවත්, අප්ලෝඩ් එකත් ඊට අයත් බවත්.

14 comments:

Narada said...

වැදගත් ලිපියක් අයියා, මෙහිදී මගින් බානවිට තවත් වේගය වැඩි කල හැකි ක්‍රමයක් තමා එහි අප්ලෝඩ් වන ප්‍රමාණය අඩු කිරිම. එයත් වැදගත් වෙනවා. නමුත් අකැමත්තක් නැති අයට බෑමේන් පසු කරන්න පුළුවන්, එහීදී අප්ලෝඩ් වේගය වැඩි කරන්නත් පුළුවන්.

Sasika Salinda Nanayakkara said...

කොහෙ‍ාමද මෙම වේගය වෙනස් කරන්නේ

Indranama said...

@සසික,
ඕනෑම ටොරන්ට් ක්ලයන්ටයක (ටොරන්ටය රයිටි ක්ලික් කිරීමෙන්) එහි upload limit එක වෙනස් කල හැකියි. මෙය 5kbps වලට වඩා අඩු කලහොත් ඩවුන්ලෝඩ් එකත් ස්ලෝ වෙනවා. 5 තමයි නියම ගාණ.

අනිත් අතට අප්ලෝඩ් කිරීම අපේ යුතුකමක්. මොකද අනිත් අයත් එහෙම අප්ලෝඩ් කැන නිසයි අපිට ඩවුන්ලෝඩ් කරන්න ලැබෙන්නේ.

Unknown said...

imageshack වලින් බෑව නම් ඔය කරදර නෑ

Pahan said...

upload නොකරම download කරන්න ක්‍රම නම් තියෙනවා. එත් එහෙම කරන එක හරි නෑනේ. හොඳම වැඩේ imageshack තමයි.

Pravin Indranama said...

@සුසිත
imageshack වැඩේ ඉතින් කියන තරම්ම ලේසිත් නෑ නේ. ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවනම් හොඳයි.
පුලුවන් වෙලාවට imageshack හරි torrelay හරි පාවිච්චි කරමු. නැත්තං ඉතින් මේ විදියට තමා.

අනූ said...

පහල සෙටිංස් වලින් ඕනිනම් අප්ලෝඩ් ස්පීඩ් එක අඩුකරන්න පුළුවන්. එතකොට අප්ලෝඩ් වුණු ඩේටා ප්‍රමාණය අඩුවෙනවා විතරක් නෙමේ ඉක්මනට ඩවුන්‍ලෝඩ් වෙනවා. ඒත් එහෙම කරන්න හොද නෑ නේ.

මම තව කරන දෙයක් තමා ටොරන්ට් දෙකතුනක්වත් එතපාර ඩවුන්ලෝඩ් කරන එක. එතකොට ටිකක් ඉක්මනට ඩවුන්ලෝඩ් වෙනවා.

Anonymous said...

එවාගේම upload නෙකලොත් ගැටලුවක් ඇති වෙනවාද

Anonymous said...

එළකිරි! තැන්ක්ස්.

@දිසා
upload නොකරොත් අනිත් අය පව්නෙ. අනිත් අය upload කරන නිසානේ අපිටත් download කරන්න පුලුවන්. එහෙම නොකරොත් කාටාත් DL කරගන්න බැරිවෙයි. ඔයා දැකලා අතිනේ seeds තිබ්බට DL කරන්න බැරි torrents. එවාට කියන්න පුලුවන් හොදම පිරුළ තමා ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ කියන එක.

Anonymous said...

මල කෙලියයි තව ටිකෙන් හොද බිලක් එනවා.. වෙලාවට කිව්වේ.. :D

Thilina said...

torrelay සිද්ධිය මොකක්ද? imageshack වගෙ‍් ඒකක්ද?

Indranama said...

ප්‍රමාදයට සමාව !

@අනු
අප්ලෝඩ් ස්පීඩ් අඩුකරන්න පුලුවන්. ඒත ඕනෙම පොපියුලර් ටොරන්ට් ක්ලයන්ට් එකක අප්ලෝඩ් ස්පීඩ් එක 5kbps වලට වඩා අඩු වෙනකොට ඩවුන්ලෝඩ් ඉබේම අඩු වෙනවා.

@තිලිණ
torrelay කියන්නෙත් imageshack වගේම සීන් එකක් තමා.

Namaldanushka said...

සමාවෙන්න ඕනේ ප්‍රස්නයෙන් පිට දෙයක් අහනවට
ඔයගේ පරිගනකයේ බාවිතා කරන theme එක එල අපිටත් කියන්නකෝ කොහෙන්ද බැවේ කියලා

Anonymous said...

torrant vala download venakota ape monavatha upload venne

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.